කතරගම පූජා නගරය සහ කිරිවෙහෙර පුදබිමේ විදුලි අඩුපාඩු මසක් ඇතුලත සපුරාලීමට පියවර.


ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් පිරීම සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින්, කතරගම, කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ආමිස සහ ප්‍රතිපත්ති පූජා රාශියක් පැවැත්විනි.  

අද (19)  උදෑසන කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියස මහා කිරිපිඩු පූජාවකට සහභාගී වූ අමාත්‍ය කරුණානායක මහතා, අනතුරුව අෂ්ටපල බෝධීන් වහන්සේට අටපිරිකර පූජා කිරීමේ පුණ්‍ය කර්මයට සහභාගි විය, කදිර සුරිදුන් වෙනුවෙන් කතරගම මහ දේවාලයේ පළතුරු පූජාවට සහභාගි වෙමින් කදසුරිදුන්ගේ ආශිර්වාදය ලබාගත් අමාත්‍යවරයා, කතරගම, කිරිවෙහෙර විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මන්ද හිමිපාණන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාදයද ලබාගත්තේය. මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාද සහභාගි විය.

කිරිවෙහෙර පුදබිම අවට ප්‍රදේශයේ ක්‍රමවත් විදුලි ආලෝක පද්ධතියක් නොමැති හේතුවෙන් සොරමැරකම් ආදි ක්‍රියාවන් සිදුවන බැවින් ඒ පිළිබදව සොයාබලා  ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරදෙන ලෙස මෙහිදී නායක හිමිපාණන් වහන්සේ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර,  පුදබිමේ ආලෝකය පිණිස මේ වනවිට අඩුපාඩුව පවතින විදුලි අවශ්‍යතා සොයාබලා හැකි ඉක්මණින් ඒවා  සපයා දීමට අමාත්‍යවරයා පොරොන්දු විය.

ඊට සමගාමීව දිවයිනේ නන් දෙසින් මෙම පූජාභූමියට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සහ ආරක්ෂාව  පිණිස, කතරගම නගරයේ පවතින විදුලිය අඩුපාඩු මසක් ඇතුළත සපුරාලීමට පියවර ගන්නා බවද මෙහිදී අමාත්‍යවරයා විසින් පැවසීය.

සවස්වරුවේ කිරිවෙහෙර වහන්සේ වෙනුවෙන් කප්රුක පූජාව, මහසෙන් දේවාලයේ නානුමුර පූජාව, කිරිවෙහෙර වහන්සේ අභියස පහන් 1500 ක පහන් පූජාව සහ විදුලි බුබුළු 50,000ක් එක්වර දල්වමින් කිරිවෙහෙර වහන්සේ අභියස විදුලි ආලෝක ජූජාව ආදි විශේෂ පුදපූජා රාශියකටද  අමාත්‍යවරයා සහභාගී වීය.                                                                          
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment