වාඩිවෙනවිට පුටුව අදින විහිළුවෙන් පරලොව ගිය අනිල්

https://www.gossiplankanews.com/2019/02/unfortunate-death-katuwana.html#more
පාසල් කාලයේ පන්තියේ මිතුරන් වාඩිවෙන්න හදන විට පුටුව ඇද ඔවුන් බිම වැට්ටීමේ විහිලුව කාලයක් තිස්සේ ලංකාවේ  තිබෙන දෙයකි. මේ විහිලුව නිසා යම් යම් අපසුතාවයන්ට ලක්වුණත් කෙනෙකුට මරණය ඇති කරවන්න තරම් දුරදිග යාහැකි යයි බොහෝ අය සිතන්නෙ නැත.
මේ සිදුවීම පන්තියකදී නොව ප්‍රිය සාදකදී සිදුවූවකි.
වලස්මුල්ල - කෝන්ගහවත්ත ප්‍රදේශයෙන් පසුගියදා මෙවැනි සිද්ධියක් වාර්තාවුණා.
මෙයින් මියගියේ අනිල් කුමාර නමැති වෘත්තියෙන් පෙදරේරුවෙකු වන 39 හැවිරිදි එක් දරු පියෙකි.
ඔහු පසුගිය වසරේ නොවැම්බර් 29 වැනි දින සිය මිතුරෙකුගේ දරුවෙකුගේ ඉඳුල් කටගෑමේ අවස්ථාව වෙනුවෙන් සංවිධානය කළ

ප්‍රියසාදයකට එක්ව තිබෙන අතර තමන් අසුන් ගෙන සිටි ආසනයෙන් මොහොතකට නැගී සිටි අවස්තාවේ පාසල් විහිළුව මතක්වූ මිතුරෙකු ඔහගේ පුටුව පසෙකට ඇද තිබේ. එම අවස්තාවේ  අනිල් යළි අසුන් ගන්නට පහත්වෙද්දී බිම ඇදවැටී තිබෙයි.

එම අවස්ථාවේ අනිල්ගේ සිරුරේ ඇතිවූ වේදනාව නිසා ඔහු කටුවන දිසා රෝහලට ඇතුළත් කිරීමට ඥාතීන් කටයුතු කර තිබුණි.
නමුත් සුසුම්නාවට ඇතිවූ හානි නිසා ඔහ තරමක් බරපතල තත්වයට පත්ව ඇත. එම රෝහලෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහල වෙත යොමුකරන අනිල් වෛද්‍ය නිර්දේශ මත කරාපිටිය ශික්ෂණ රෝහලටද ඇතුළත් කරන ලදි.

 අනිල් කුමාරගේ සුෂුම්නාවේ ඉහළ කොටසේ බිඳීයාමක් සිදුවීම හේතුවෙන් ශරීරයේ ඉන්ද්‍රියන් අඩපන වෙමින් පවතින බව ඒ වනවිට නිරීක්ෂණයවී තිබේ.
 කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස දෙකකට වැඩි කාලයක් අඛණ්ඩවෙ ප්‍රතිකාර ලබේනට සිදුවූ අනිල් ඉකුත් 4 වැනිදා සිය ජීවිතයෙන් සමුගත්තේය.
 ඉඳුල් කටගෑමේ උත්සවයකට පැමිණි අයෙකු එම ස්‌ථානයේ ඉඳගැනීමට යැමේදී වෙනත් අයෙකු විසින් එම පුටුව පසුපසට ඇදීම හේතුවෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස්‌ ඇති බව කටුවන පොලිසිය පවසයි.

 මෙසේ මියගොස්‌ ඇත්තේ කිරම කරමැටිය පදිංචිව සිටි එම්. අනිල් කුමාර නමැති 39 වියති විවාහක එක්‌දරු පියෙකි. ඔහුගේ බිරිඳගේ පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. කටුවන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment