ඩුබායි සිටින අතර මධූෂ් තුන් වතාවක්ම ලංකාවට ඇවිත් ගිය බව CID පරීක්ෂණ හෙළි කරයි

https://www.gossiplankanews.com/2019/02/cid-madush-sri-lanka-visit.html
පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ් ඩුබායි රාජ්‍යයට පැන යෑමෙන් පසුව වරින් වර අවස්ථා තුනකදී ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ හොර රහසේම පිටවී ගොස් තිබෙන බවට තොරතුරු හෙළිවී ඇතැයි රහස් පොලිසිය පවසයි.

මධුෂ් මේ අවස්ථා 3 දිම මෙරටට පැමිණ ඇත්තේ මාතර, මිරිස්ස වෙරළ තීරයෙත් බවත් ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයකුගේ නිවසට පළමුවෙන්ම පැමිණ පසුව වෙස්වලාගෙන විවිධ ප්‍රදේශවලට ගොස් අපරාධ කීපයක් මෙහෙයවා ඇති බවද රහස් පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.


මදූෂ් ඩුබායි සිට මෙරටට පැමිණීමෙන් පසුව නිතර පරිහරණය කර ඇත්තේ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගනු ලැබු විශේෂිත පුද්ගලයකුගේ මෝටර් රියක් බවටද තොරතුරු හෙළිවී ඇතැයි රහස් පොලිස් ආරංචිමාර්ග වලින් පැවසෙයි.

මධූෂ් ඩුබායි සිට මෙරටට පැමිණිමට බහුදින ධීවර යාත්‍රා සෑපයූ පුද්ගලයා ගැනද මේ දිනවල සෙවිල්ලෙන් පසුවන බව රහස්  පොලිසිය කියයි.

මේ අතර මධූෂ්ගේ ඩුබායි සාදයට සම්බන්ධ වු කඹුරුපිටියේ පුද්ගලයන් තිදෙනකුගේ නිවසේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුගියදා පරික්ෂා කර ඇත. එහිදී ඒ නිවෙස්වල කිහිප
දෙනකුගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

ඩුබායි සාදයට සහභාගි වූ පිරිසේ දකුණු පළාතේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද සිටින බව එම ආරංචිමාර්ග නැවත තහවුරු කර තිබේ.


 (සුජිත් හේවාජුලිගේ)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment