බ්‍රිතාන්‍ය රැකියා අයදුම් කරන හෙද නිළධාරීන්ගේ IELTS ලකුණු සීමාව පහළට

එක්සත් රාජධානියේ හෙද සහ ප්‍රසූති විද්‍යා සභාව විදෙස් අයදුම්කරුවන් සම්බන්ධයෙන් නිර්දේශ කර ඇති ඉංග්‍රීසි ප්‍රවීණතා මට්ටම් වෙනස් කිරීමට කටයුතු කර තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ එම ක්ෂේත්‍රවල සේවය කරන පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් එක්සත් රාජධානිය බලා යාමට ලැබුණු අවස්ථාවක් බව මෙරට බ්‍රිතාන්‍ය කවුන්සිලය පවසයි.

නව නිර්දේශ යටතේ අදාළ වෘත්තීන් සඳහා IELTS  (International English Language Testing System)ලිඛිත  පක්ෂයේ අවම ලකුණු සීමාව 6.5ක් දක්වා අඩුකර ඇත. මීට අමතරව, කියවීම, සවන්දීම සහ කථනය සදහා අවම වශයෙන් 7.0ක් හෝ ඊට ඉහළ ලකුණු ලබාගත යුතුය.

ඒ අනුව, මින් ඉදිරියට ලිඛිත පරීක්ෂණය සඳහා අවම වශයෙන් 6.5ක් සහ සමස්ත ලකුණු ප්‍රමාණය ලෙස අවම වශයෙන් 7.0ක් ලබාගන්නා පුද්ගලයන්ට හෙද සහ පවුල් සෞඛ්‍ය නිලධාරී තනතුරු සඳහා එක්සත් රාජධානිය වෙත යාමට අවශ්‍ය ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා සුදුසුකම් සම්පූර්ණ වේ.

බ්‍රිතාන්‍ය කවුන්සිලය මෙරට IELTSප්‍රවීණතා විභාග කටයුතු පරිපාලනය කරන අතර, ඒ සම්බන්ධ උපදෙස් හා මගපෙන්වීම් අපේක්ෂකයන් වෙත ලබාදෙයි.

-අමිල පෙරේරා-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment