දේවාල ආවතේවකරුවෙකුගෙන් අතවරවූ - 15 හැවිරිදි සිසුවියට සමාජ රෝගයක්

බාල වයස්‌කාර දැරියක්‌ බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කර ඇයට සමාජ රෝග බෝකළ දේවාල ආවතේවකරුවකු මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වින්දිත දැරියගේ වයස අවුරුදු 15 යි මාස 11 කි.

 මවුපියන් දෙදෙනා අතර සමගියක්‌ නැති කමින් පියා දැරියව ඔහුගේ හිතවතකුගේ නිවසක නවතා ඇත.

 ඇය 2017 වසරේ සිට එම නිවසේ ජීවත් වෙමින් පාසල් ගොස්‌ තිබේ. ඇය මේ වන විට අ. පො. ස. සා/පෙළ විභාගයට ද පෙනී සිට ඇත. පියාගේ හිතවතාගේ නිවසේ මෙම වින්දිත දැරිය මෙලෙස සිටියදී හදිසියේ අසනීප වී තිබේ.

 දැරිය අසනීපවී ඇති බව දැනගත් ඇයගේ මව දැරිය කැඳවා ගෙනවිත් වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇත.

 එහිදී දැරිය පරීක්‍ෂා කළ වෛද්‍යවරයා ඇයට සමාජ රෝග වැළඳී ඇති බව දැනගෙන නිට්‌ටඹුව පොලිසියට දැනුම් දී තිබේ. එම පොලිසිය දැරියගෙන් ප්‍රකාශයක්‌ ලබා ගෙන ඇත.

 2018 ජුලි මාසයේ සිට ඇය නැවතී සිටි නිවසේ අයිතිකරු වරින්වර තමාව ලිංගික අපයෝජනයට ලක්‌කළ බව දැරිය ප්‍රකාශ කර තිබේ.

 දැරියගේ එම ප්‍රකාශය අනුව මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට නිට්‌ටඹුව පොලිසිය මාදම්පේ පොලිසියට දැනුම් දී ඇත.

 ඒ අනුව මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු දේවාල ආවතේවකරුවකු ලෙස රැකියාව කරන අයෙකි.


හලාවත අධිකරණ ඒ. යූ. ගුණපාල
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment