අතපය වෙනම තිබූ අම්මාව මා හඳුනා ගත්තේ ඇඳුම්වලින් -මවගේ අභිරහස් මරණය ගැන පුතාගේ සාක්ෂිය


නාගහවත්ත දංගල්ල පැපිලියවල පදිංචිව සිටි අයි.ඩී. කරුණාවතී නමැති කාන්තාවගේ මරණය සම්බන්ධ පූගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනෙවිය හමුවේ සාක්‍ෂි දුන්
මරණකාරියගේ පුතකු වන මහේෂ් දිල්රුක්‌ පෙරේරා නමැති අය මෙසේද පැවැසුවේය.

 ''මම සිද්ධිය වූ දින උදේ 9.00 ට විතර වැඩ ඇරී නිවසට ආවා. ඒ වන විට අම්මා දොර ළඟ සිටියා. මං නිදා ගත්තා පසුව අවදිවී බලන විට අම්මා සිටියේ නෑ. මං හැම තැනම සොයා බැලුවා.
දවස්‌ කීපයක්‌ම සෙව්වා. පසුව තොරතුරක්‌ ලැබුණා අම්මා රඹුටන් වත්තෙ මරා දමලා කියලා. මෘත ශරීරය සත්තු කාලා අතපය වෙන වෙනම තිබුණා. නඩුකාරතුමා ඉදිරියෙත් රාගම රෝහලේදීත් මෘත ශරීරය හඳුනා ගත්තා.''

 ඒ කරුණාසේන නමැති අය සාක්‍ෂි දෙමින් මෙසේ කීය.

'' මං වත්තේ ගම්මිරිස්‌ පැළ සිටුවලා නිවසට ආවා. නිවසේ සිටි බල්ලාගේ කුණු ගඳක්‌ ආවා. මං බල්ලා එලෙව්වා. පසුව බල්ලා පස්‌සෙන් යාර පහළොවක්‌ විතර ගියා. බල්ලා පල්ලෙහා වත්ත දෙසටයි ගියේ. මම එම ස්‌ථානයට ගියා. එම ස්‌ථානයේ කාන්තාවක්‌ වැටිලා සිටියා. ''

මෘත ශරීරය සම්බන්ධ සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ලබන පෙබරවාරි 27 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග ලැබුණු අතර පූගොඩ පොලිස්‌ ස්‌ථානයේ උ.පො.ප. සුජීව මහතා සාක්‍ෂි මෙහෙයවීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment