දෙහිවල නිවසක පිළිස්සුණු මළ සිරුරක්

දෙහිවල නිවසක පිළිස්සුණු මළ සිරුරක්

දෙහිවල - නැදිමාල - විජිතපුර ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ පුද්ගලයෙකු පිළිස්සී මියගොස් ඇති බව වාර්තා වේ.

පොලීසිය ප්‍රකාශ කළේ අද (24) පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම පිළිස්සුනු මළ සිරුර සොයාගත් බවයි. 

අදාළ නිවසේ කාමරයක් තුළ අද අළුයම ගින්න හටගෙන ඇති අතර ගින්න ඇතිවන විට මියගිය පුද්ගලයා එම කාමරයේ නිදාගෙන සිට ඇති බවට මූලික පරීක්ෂණවලදී කරුණු අනාවරණ වී තිබේ.

ගින්නෙන් මෙලෙස පිලිස්සී මියගොස් ඇත්තේ අවුරුදු 60 ක් වයසැති පුද්ගලයෙකි.

සිද්ධිය වන අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ පුත්‍රයා නිවසේ සිට නොමැති බවද වාර්තා වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment