උඩුනුවර පාලසක අමුතු වාර විභාගයක්

උඩුනුවර පාලසක අමුතු වාර විභාගයක්

උඩුනුවර ඩී.බී. විජේතුංග ජාතික පාසලේ වාර විභාගයේදී සිසුන්ට දෙමළ ප්‍රශ්න පත්‍රය ලබාදී එය රැගෙන නිවෙස් වලට යන ලෙස දන්වා ඇති බවට දෙමව්පියන් චෝදනා කරයි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය 22 වැනිදායි.

එලෙස ගුරුවරුන් විසින් සිසුන්ට දුන් උපදෙස් අනුව ඔවුන් එදින පෙරවරු 10.30 වනවිට නිවෙස්වලට ගොස් තිබිණි.

මේ පිළිබඳව විදුහල්පතිවරයාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ වසර ගණනාවක සිට මෙම පාසලට දෙමළ ගුරුවරයෙකු නොමැති බවත් කීපවරක් ගුරුවරයෙකු ඉල්ලූ නමුත් ගුරුවරයෙකු නොලැබීම නිසා සිසුන්ට දෙමළ භාෂාව පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බවත්ය.

කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳ කනස්සල්ල පළකරන මව්පියන් මින් ඉදිරියට මෙවැනි සිද්ධීන් ඇති නොවීමට කටයුතු කරන්නැයි විදුහල්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment