මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙක් මරුට (VIDEO)

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙක් මරුට (VIDEO)

අද (24) මිනුවන්ගොඩ - පීල්ලවත්ත නිවාස සංකීර්ණයක් ඉදිරිපිට මාර්ගයේ සිදුවූ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි සුසන්ත ප්‍රගීත් සිල්වා හෙවත් ෆ්‍රෙඩී නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයෙක් බව පොලීසිය ප්‍රකාශ කරයි.

තම නිවසේ සිට මාර්ගය දෙසට පැමිණෙමින් සිටින අතරතුර යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ.

මොහු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගියදා අධිකරණයෙන් ඇප මත මුදාහැර ඇති බවද පොලීසිය කියයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment