පළමුවැනිදා සිට දිවයින පුරා බස් වර්ජනයක්

පළමුවැනිදා සිට දිවයින පුරා බස් වර්ජනයක්

රජය විසින් ප්‍රධාන රථ වාහන වැරදි 7ක් සඳහා රු.25,000ක් දක්වා දඩ මුදල් ඉහළ නැංවීම හා අවම දඩ මුදල රු.2500ක් කිරීමට එරෙහිව දෙසැම්බර් පළමුවැනිදා දින මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා අද(24) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පුද්ගලික බස් රථ පමණක් නොව පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ,ත්‍රී රෝද රථ,කන්ටේනර් රථ පවා මෙම වර්ජනයට එක්වන බවයි.

තම සංගම ඇතුළු සංවිධාන 29ක් මෙම වර්ජනයට එක්වන බවත් අත්තනෝමතික ලෙස දඩ මුදල් ඉහළ නැංවීම තුළින් ගැටළු රැසක් පැන නැඟී ඇති බවත් විජිත කුමාර මහතා සඳහන් කළේය.

වර්ජනයට පෙරාතුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්,ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබා නොදුනහොත් අනිවාර්යෙන්ම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment