මෛත්‍රීට පුදන කොටම - ලේකම් කාලා මාට්ටු : ණය කාඩ්පත් වංචාවක්!


මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්වරියගේ ණය කාඩ්පත භාවිත කරමින් නව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ ලේකම්වරයෙක් ඔහුගේ වාහනයට ඉන්ධන ලබා ගත්තේ යැයි චෝදනා කරමින් ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙසේ අවභාවිතව ඇත්තේ ඇත්තේ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර පී.බී. දිසානායකගේ පෞද්ගලික ලේකම්වරියවූ අනුරුද්ධිකා දිසානායක මහත්මියගේ ණය කාඩ්පතයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ දිසානායක මහතාගේ ධුර කාලය 2018.12.31 දින සිට අවසන් වූ අතර ඒ අනුව 2019.01.01 සිට මෛත්‍රි ගුණරත්න නව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපති සිරිසේන විසින් පත් කරන ලදී.

ධුරයෙන් සමුගෙන යනවිට හිටපු ආණ්ඩුකාරවරයා සහ කාර්ය මණ්ඩලය සතු සියලුම ලිපි ගොනු හා අනෙක් භාණ්ඩ ඉවත් කරගත්තද කාර්ය මණ්ඩලයේ පාවිච්චිය සඳහා ලබා දී තිබූ වාහනයේ තිබූ පෞද්ගලික ලේකම්වරියගේ ණය කාඩ්පත අතපසුවීමකින් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත.

පසුගිය ජනවාරි මස දිනෙක රාත්‍රි 10.15 පමණ හිටපු ලේකම්වරිය වන අනුරුද්ධිකා දිසානායක මහත්මියගේ දුරකථනයට කෙටි පණිවුඩයක් මඟින් ඇගේ ණය කාඩ් පතෙන් රුපියල් 6,000ක මුදලක් භාවිත කරමින් නුවරඑළිය ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගත් බවට සිහි කැඳවුම් පණිවිඩයක් ලැබී ඇත.

ඒ සැනින් ලේකම්වරිය විසින් ණය කාඩ්පත නිකුත් කළ සම්පත් බැංකුව වෙත කතා කර කාඩ්පත අවලංගු කර ඇත. නමුත් පසුව සොයා බැලීමේදී මධ්‍ය පළාත් ආණ්ඩුකාරවරයාට අයත් PS 8817 දරන කැබ් රථයට ඉන්ධන ලබාගත් බව තහවුරු කරගත් බවත් තමන්ගේ අත්සනට සමානව අත්සනක් යොදා ඇති බවත් හිටපු පෞද්ගලික ලේකම්වරිය පවසයි.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ල විභාග කිරීම සඳහා මෙම මස 15 දින ගල්කිස්ස පොලිසියට පැමිණෙන ලෙස ඇයට පොලිසිය දන්වා ඇති බවද වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment