ගාල්ලේ අනුලාදේවී විදුහල්පතිනිය ලක්ෂයක අල්ලස් ගනිද්දි අත්අඩංගුවට

https://www.gossiplankanews.com/2019/02/anuladevi-principal-arrested-over-bribe-galle.html#more
ගාල්ල අනුලාදේවී බාලිකා පාසලේ විදුහල්පතිනිය වන ජේ.ඒ. ප්‍රදීපා මහත්මිය දරුවෙකු ඇතුළත් කිරීම සඳහා අද (13) සවස රුපියල් ලක්ෂක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.එම පාසලේ 1 ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර ඇයගේ නම විදුහලේ නාමලේඛනයට ඇතුළත් නොකර
සති දෙකක කාලයක් විදුහල්පතිනිය විසින් තබා ඇති බවත් පසුව නම ඇතුළත් කිරීම සඳහා මෙම අල්ලස් මුදල දෙමාපියන්ගෙන් ඉල්ලා තිබේ.


දරුවාගේ දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් අනතුරුව අද සවස විදුහල්පති නිල කාමරයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
දරුවාට පාසලට ඇතුළත් වීමට සියලු සුදුසුකම් තිබිය දී මෙවැනි අල්ලසක් විදුහල්පතිනිය විසින් ඉල්ලා සිටි බව ද අනාවරණය වී තිබේ.
විදුහල්පති නිල කාමරයේ සිටි වෙනත් ගුරුවරුන් දෙදෙනෙක් විසින් මෙම මුදල ලබා ගෙන  ඇති අතර, එම අවස්ථාවේ දී අදාළ විදුහල්පතිනිය අත්අඩංගුවට ගැනීමට නිලධාරින් කටයුතු කර තිබේ.
මෙම අල්ලස් ලබා ගැනීමට සම්බන්ධ වු ගුරුවරුන්ගෙන්  ද ප්‍රකාශ සටහන් කර ගත් බව ද වාර්තා වෙයි.
 පසුගිය සතිය පුරා  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් සුපිළිපන්න වැඩමුළු ගාල්ල දිස්ත්‍රික්කය පුරා පැවති බවත්, පාසල් විදුහල්පතිවරුන් ගෙන්වා පැවැත්වූ මෙම වැඩමුළුවට අදාළ විදුහල්පතිනියද එක්ව සිටි බවත් වාර්තා විය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment