අනතුරින් දින 14කට පසු බොරැල්ල රථ වාහන OIC මියයයි

https://www.gossiplankanews.com/2019/03/14-oic-borella-died.html#more
සුගිය 24 වනදා අලුයම 04.30ට පමණ බම්බලපිටිය මාර්ග සංඥා පද්ධතිය ආසන්නයේ දී රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා ඊයේ රාත්‍රී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි  ඔහුට
මිය යන තුරු ප්‍රකෘති සිහිය ආවේ නැති බවද පැවසිණි.

රාත්‍රී කාලයේ කොල්ලුපිටිය සමාජ ශාලාවකට ගොස් නැවත පැමිණෙමින් සිටි ඩිෆෙන්ඩර් රථයක ස්ථානාධිපතිවරයා ගැටී තිබුනේ ඔහු හදිසි රාජකාරී සඳහා මෝටර් සයිකලයකින් ගමන් ගනිද්දීය.  මාර්ග සංඥා අනුගමනය නොකර රතු සංඥා දැල්වෙමින් තිබියදී ඩිෆෙන්ඩරය පැමිණෙද්දී කොළ එළිය අනුගමනය කර ඉදිරියට ධාවනය වූ මෝටර් සයිකලය මෙහිදී හැපුනේ අවාසනාවන්ත ලෙසිනි.

CCTV දර්ශන වල දක්නට ලැබුණ ආකාරයට අනපේක්ෂිත ලෙස ඩිෆෙන්ඩරය පැමිණෙන නිසා පාර මද මදක් නැවතී එයින් බේරිය හැකිදැයි ස්ථානාධිපතිවරයා කල්පණා කර තිබූ නමුත් ක්ෂණයෙන් පැත්තට කැපූ ඩිෆෙන්ඩරයේ ඔහු ගැටී ඇදී යනු දක්නට ලැබිණි. භීමත්ව රිය පැදවූ බවට සැකකෙරෙන මෙම ඩිෆෙන්ඩරය පැදවූ අය අනතුරට පත් පුද්ගලයා වෙනුවෙන් නැවතී සිටියේ මොහොතක් පමණි. එම වාහනය හා ඒ සමග ආ අනෙක් සහායක වාහනය දෙකේම පිරිස තුවාල ලද ස්ථානාධිපතිවරයා මහමග දමාපලාගියේ අමානුෂික ලෙසිනි.

පසුව ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ නිවසක තිබියදී සොයා ගෙන තිබූ අතර අනතුර සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු ද අත්අඅඩංගුවට ගැණුනි.
එම සැකකරුවන් අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා, කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් සහ පොලිස් අධිකාරිවරයෙකුගේ පුත්‍රයෙකු ද විය. මේ වනවිට එම පිරිසෙන් එක් අයෙකු හැර අන් අය ඇප මත නිදහස්ව සිටී.
අනතුරින් පසු අවට සිටි අයගේ උදව්වෙන් රෝහල් ගතවූ ස්ථානාධිපතිවරයා සති දෙකක් පුරා සිහිමුර්ජා තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (9) රාත්‍රී 8.50 ට පමණ මියගියේය.

ඔහු බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළේ බොරලැස්ගමුව, වේරහැර ගංගාරාම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටිමිනි. ඔහු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දරුවන් තිදෙනෙකු පියෙකු වූ සරත්චන්ද්‍ර මහතා මියයන විට 51 වැනි වියේ පසු විය.
පසුගිය සතියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද කොළඹ ජාතික රෝහලට ගොස් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් පරීක්ෂකවරයාගේ සුවදුක් බැලීමට ගොස් තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment