facebook Selfie එකක් නිසා වැල්ලවායේ ගංජා හේනක් මාට්ටු


 facebook හි පළ කර තිබූ සෙල්ෆි ජායාරූපයක් ඔස්සේ සිදු කළ විමර්ශන අනුව වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ වීරසේකරගම ප්‍රදේශයේ වගා කර තිබූ ගංජා හේනක් වැටලීමට වැල්ලවාය පොලිසිය සමත් වී තිබේ.

මෙම ගංජා හේන අක්කර කාලක භූමි ප්‍රදේශයක ඉතා සරුවට වගා කර තිබී ඇති අතර එහි අඩි 08කට ආසන්න උසකින් යුතු ගංජා ගස් 115ක් තිබූ බව පොලීසිය පවසා ඇත.
මෙම පුද්ගලයා තමන්ගේ හේන සරු බව කියමින් එය පසුබිමේ තබාගෙන මිතුරන් වෙත ඡායාරූපයක් හුවමාරු කරගෙන තිබූ අතර එහි කොමෙන්ටු වල මෙය ගංජා හේනක්
නේදැයි විමසීම්ද තිබී ඇත. එම මිතුරන් අතරින් කෙනෙකු ඔහුව පාවාදෙමින් මෙම පෝස්ටුව පොලිසියට සෙයාර් කිරීම නිසා මොහු අත්අඩංගුවට පත්විය.
ගංජා වගාවේ වටිනාකම රුපියල් ලක්ෂ පහලොවකට අධික බව වැල්ලවාය පොලිසිය පවසන අතර මෙම හේන වගා කල සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වීරසේකරගම, මාලේවන යාය,වැල්ලවාය ලිපනයේ පදිංචි වයස අවුරුදු තිස් හයක පුද්ගලයකු වන අතර සැකකරු අද(10) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ පිළිබඳ ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment