1990 සුවසැරියෙන් පසුව ඇමති හර්ෂගෙන් ප්‍රභාෂ්වර

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට සමහරුන් හඳුන්වන්නේ ගිලන් රථ ඇමති ලෙසයි. ඔහු‍ෙ1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ වීම ඊට හේතුවයි. ඔහු මෙම සේවය ලංකාවට හඳුන්වා දුන්නේ දැඩි විරෝධතාවයක් මැද. නමුත් දැන්  ලංකාවේ බොහෝ දෙනෙකු මෙම සේවාව ගැන ගුණ ගායනා කරන අතර ගිලන් රථයක ඉපදුණු බිළින්දෙකුට හර්ෂ යනුවෙන් නම දැමූ ආරංචියක් ද පසුගියදා පැතිරුණා.

මේ වනවිට ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ  'ප්‍රභාෂ්වර' නමින් අළුත්ම වැඩසටහන් පටන් අරන්. මෙම වැඩසටහනේ පළමු පියවර විදිහට ලබන සෙනසුරාදා (30) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද අක්කර තුනහ මාරක ඉඩමේ මෙට්‍රික් ටොන් 5000 ක එළවළු සහ පළතුරු ගබඩා කරන්න පුළුවන් උෂ්ණත්වය සහ තෙතමනය පාලිත ලංකාවේ පළමු කෘෂි ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කරනවා. මෙය මාස හයකින් ඉදිකර අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මෙම ශීතාගාර සංකීර්ණය ඉදිකිරීම සඳහා ඉන්දීය රජය මගින් ප්‍රදානයක් ලබාදී තිබෙන අතර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යංශයේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපේ ගොවියාගේ අතිරික්ත අස්වැන්න ශීතාගාරවල ගබඩා කර අවශ්‍ය වේලාවට දේශීය සහ විදේශීය වෙළඳපොළ වලට යොමු කිරීමේ නව්‍ය හැරවුමක පළමු පියවර මෙය ලෙස සඳහන් කළ හැකියි. මෙම අරමුණු ජයගැනීම සඳහා මෙවර අයවැය මගින් ශීතාගාර පහසුකම් සඳහා ආයෝජනය කරන ආයෝජකයින්ට බදු සහන මාලාවක් රජය විසින් ලබාදී තිබුණා. දඹුල්ලේ ඉදිකරන මෙම ශීතාගාර සංකීර්ණය වටා එළවළු සහ පළතුරු සැකසුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයක් ගොඩ නැගීමද මෙම සැලසුම් වලට අයත් වෙනවා. මෙම ව්‍යාපෘතියෙන් පසුව මධ්‍යම පළාත ආවරණය කරමින් කැප්පෙටිපොළත්, උතුරු පළාත ආවරණය කරමින් යාපනයේත්, දකුණු පළාත ආවරණය කරමින් ඇඹිලිපිටියේත් මෙවැනිම කෘෂි ගබඩා සංකීර්ණ ඉදිකිරීම සඳහා “ප්‍රභාෂ්වර“ වැඩසටහනින් සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයක් පහතින් දැක්වේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment