ලංකාවේ පෝසත් බබාලා පොඩි කාලෙ ඉදන්ම බදු ගෙවිය යුතුයි සීයට 5 දැම්මේ ඒකයි - මංගල

ළමා ඉතිරුම් ගිණුම්වල මාසික පොළිය රුපියල් 5,000ක් හෝ ඊට වඩා වැඩියෙන් ලැබෙන්නේ නම් 5%ක් අය කරගැනීමේ අයවැය යෝජනාව පොහොසත් බබාලා වේලාසනින්ම ආදායම් බදු ගෙවීමට පුරුදු කිරීමේ අවස්ථාචක් බව මුදල් අමාත්‍ය  මංගල සමරවීර මහතා පවසයි.

2019 අයවැය යෝජනා පැහැදිලි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

 "මේ විදියට ළමා ඉතිරුම්වලට මාසික පොලිය රුපියල් 5,000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙන්න නම් එම දරුවාගේ ගිණුමේ ලක්ෂ 12කට වඩා
වැඩි මුදලක් තැන්පත් වෙලා තියෙන්න ඕනේ. මම හිතන්නේ නෑ ඒ තරම් මුදලක්  අපේ රටේ අහිංසක දුප්පත් දරුවන්ගේ පොත්වල තියෙනවා කියලා. ඒ නිසා මේ පොලිය විදියට ලැබෙන රුපියල් 5,000න්   5%ක් ගන්න එක වැරැද්දක් නෙමෙයි."

 අමාත්‍යවරයා සඳහන් කළේය.මෙම මුදල අදාළ ගිණුමේ රදවා තබා ගැනීමේ බද්දක් (Withholding tax)ලෙස
අය කිරීමට යෝජනා වී තිබේ. එහෙත් අදාළ අය කිරීම දරුවන්ගේ ඉතිරි කිරීමේ ගිනුම්වලින් බද්දක් අය කිරීමක් බව විපක්ෂය චෝදනා කරයි. කෙසේ වෙතත් එම අදහස අසතයක් බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

"පොහොසත් බබාලාත් වේලාසනින්ම ආදායම් බදු ගෙවන්න පුරුදු වන්නේ ඕනේ. මොකද වයසට පත්වුණාමත් සමහර අය ආදායම් බදු නොගෙවා ඉන්නේ ඒ පුරුදු නැති නිසා වෙන්න ඇති.” අමාත්‍යවරයා සඳහන් කළේය.

-භානුක අමරසිංහ-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment