දෙල්කඳ පොළේ ඌරෙක් නිසා පුද්ගලයෙක් මරුට

දෙල්කඳ පොළ භූමිය අසලදී ඌරකුගේ පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි මිරීහාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ
නුගේහොඩ ගංගොඩවිල මීගහවත්ත  පදිංචි  හෙට්ටිආරච්චිගේ චන්ද්‍රසිරි පෙරේරා (61). දෙදරු පියකු බව පොලිසිය කියයි.
දෙල්කඳ පොලෙන් ඉවතලන එළවළු වර්ග ආහාරයට ගනිමින් මාස කිඟිපයක සිට යාබද හබරල ගාලක රැඳී සිටි ඌරකු දස දෙනෙකුට පමණ පහර දී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ ඉන් එක් අයකු බවද පොලිසිය කියයි.
පහර කෑමෙන් කුසෙහි බඩවැල්වලට හානි සිදු වු මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කොට ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබේ.
 ඌරාගේ පහර කෑමෙන් තුවාල ලැබූ සෙසු  පුද්ගලයන්ට බරපතළ නොවන බවද පැවසේ.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය  කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණපරීක්ෂක පාරින්ද කොටුගොඩ මහතා විසින් සිදු කිරීමට නියනට තිබිණි.

- ශාන්ත ප්‍රදීප් කුමාර තුළරන්න-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment