කැවුමාගේ පෙම්වතිය තුෂාරි සොයන්න පොලිසිය මහජන සහාය පතයි



පසුගියදා මාකදුරේ මදුෂ්ගේ ප්‍රධාන ගොලයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැවුමා පොලිස් අත්අඩංගුවට පත්වූ පසු ඔහුට අයත් මොරටුවේ නිවස පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය හා අවි ආයුධ තිබී පොලිසියට හමුවූ අතර එම නිවස මිලට ගන්නට ආ බව කියන හා එහි නිතර කැවුමා හමුවන්නට ආගිය බව කියන කැවුමාගේ
පෙම්වතිය යයි සැකකරන කාන්තාවක ගැන තොරතුරු හෙලි විය.

කෙසේ වෙතත් ඇය එම නිවසට ලබාදී ඇති විස්තර අනුව තවම ඇයව සොයාගන්නට පොලිසියට හැකියාව ලැබී නැත.
පොලිසියට අවශ්‍ය කරන මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පැතීමට මාධ්‍ය නිවේදනයක් නිකුත්ව ඇත.

එහි දැක්වෙන පරිදි දොඩන්දූව වඩුගේ කැළුම් ඉදික සම්පත් නොහොත් කැවුමා නැමැති සැකකරුගේ මන්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටි පහත නම් සඳහන් සැකකාරිය පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංකය වෙත තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සැකකාරියගේ විස්තර
නම- මහඋඩුගේ දොන් නිරෝශා නිල්මිනි පෙරේරා නොහොත් තුෂාරි
වයස - අවුරුදු 47
ලිපිනය- අංක 01, ජනතා පෙදෙස, කටුබැද්ද, මොරටුව.

(තොරතුරු දියයුතු දුරකථන අංකය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලණිය උපාලි ජයසිංහ මහතා- 071-8591589)




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment