සියළු ව්‍යාපෘතිවලදී හරිත බලශක්ති ප‍්‍රභවය පිළිබඳව අවධානය: ඇමති චම්පික රණවක.


මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ලෝකයේ පෙළෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වූ බලශක්තියේ ස්වරූපය නිසා මතුව තිබෙන ගෝලීය උණුසුම පිළිබඳ ගැටළුවත්, එයට විසඳුමක් ලෙස හරිත නගර සංකල්පයක් ඉදිකරන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කෙරෙනවා. අපේ කොළඹ හරිත පුරවරයක් ලෙස මහානගරය ගොඩනගා ගැනීම සඳහා ආධාරකයක් හැටියට Green Colombo නමින් අපි අපෙත් අනුග‍්‍රහයෙන් රටේ අනෙකුත් බල ශක්ති ක්‍ෂෙත‍්‍රයෙත්, ඒ වගේම පෞද්ගලික රජයේ ආයතනවලත් අනුග‍්‍රහයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ 2019 වසරේ සැප්තැම්බර් 29 ත් ඔක්තොම්බර් 04 ත් අතර ලෝකයේ බලශක්ති 19වෙනි සමුළුව කොළඹ පැවැත්වීමට.

අපේ අමාත්‍යාංශයේ සියළුම කටයුතුවලදී, ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියේදී, කසළ කළමනාකරණ ප‍්‍රතිත්තියේදී, ඒ වගේම ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුවලදී මේ හැම අවස්ථාවකදීම හරිත බල ශක්ති ප‍්‍රභව පිළිබඳව අපි අවධානය යොමු කරනවා. ඒ වගේම ඒක විශේෂයෙන්ම බලශක්තිය ඉතුරු කිරීම ඒ වගේම වායු ගෝලයට අහිතකර බලපෑම් ඇතිවීම වැලැක්වීමට අපි කටයුතු කරනවා.  අපේ රටෙත් අහිතකර පාරිසරික බලපෑම්වලින් බැට කාලා තිබෙනවා.  අපේ රටේ එක් කලාපයක වසර දෙකහාමාරක් බොහොම දරුණුවට නියඟයක් පැවතුනා. ඒ වගේම කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශවල ගංවතුර පැවතුනා. අපි දැන් දන්නවා  ඕස්ටේ‍්‍රලියාවේ අවුරුදු දෙහකහාමාරක් පමණ බලගතු නියඟයක් පැවතිලා සැලකිය යුතු ජීව විශේෂ කිහිපයක් සදහටම වඳවෙන ප‍්‍රවණතාවයක් ඇති වී තිබෙනවා. ඒ වගේම මේ සීත කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරය අඟහරු ලෝකයටත් වඩා සීතල උනා. මේ වාතාවරණයක් හැම එකකින්ම පෙනෙන්නේ මේ ගෝලීය උණුසුම වැඩිවීම පිළිබඳ ප‍්‍රශ්නය මිනිස් වර්ගයාගේ පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නයක් වන බවයි.

මේ සඳහා තිබෙන එකම විසඳුම හරිත ප‍්‍රභව සංවර්ධනයක් අවශ්‍යයි. එය තිරසර විය යුතුයි. එයට අවශ්‍ය බලශක්තිය හරිත බලශක්ති ප‍්‍රභව වලින් හැකිතාක් දුරට ලබාගැනීමත්, ඒ වගේම පුළුවන් තරම් පොදුමය වශයෙන් තිබෙන අපගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට කටයුතු කිරීමත්. ඒ නිසා හරිත කොළඹක්, හරිත පුරවයක් සඳහා මේ සමුළුව සැප්තැම්බර් 29 සිට ඔක්තොම්බර් 04 දක්වා පැවැත්වෙනවා. ඒ වගේම අපි දැනටමත් මේ හරිත ක‍්‍රීයාවලිය නිසා අපේ කොළඹ නගරයට රැම්සා සහතිකය, අන්තර් ජාතික තෙත්බිම් සහතිකය අපි ලබාගෙන තිබෙනවා. ඒක අපි ඉදිරියටත් ආරක්‍ෂා කරගත යුතු වෙනවා නගරයේ ඉදිරි පියවර සඳහා. ඒ සඳහා මේ මගින් අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ජාත්‍යන්තර සාකච්ඡාවක්, අලූත් අත්දැකීම් ප‍්‍රමාණයක් ලඟාකර ගන්න අපි ලබාගෙන තිබෙන අත්දැකීම්වලට අනුරූපව යැයි පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment