අභිරහස් ගුවන් යානාවක් තුත්තිරිහේන ගම්මානයට ඇවිත්: අහසේ නතර කර තිබිලා.
දික්කුඹුර මලල්ගොඩපිටිය තුත්තිරිහේන ගම්මානයට 2019.02.25 වන සඳුදා පෙ.ව 10.30 විතර හෝ ඒ ආසන්න කාලයේ දී නාදුනන අභිරහස් යානාවක් නැතහොත් පිටසක්වළ යානාවක් යැයි සැක කරන යානාවක් පැමිණ විනාඩි කිහිපයක් අහසේ සැරි සැරු බව ගම්වාසිහු පවසති.
තැන් නැන්වල අහසේ නතර කර ටික වේලාවක් තිබු මෙම යානාව පොළවේ සිට ගස් මට්ටමින්ම නතර කර තිබෙනු දැක ඇත. මෙම යානාව ගස් කොලන් අතරින් ගස්වල ගැවි නොගෑවි ගමන් ගත් බවට ගම්වාසිහු අප කළ සංචාරයේ දී අප සමඟ පැවසුහ.
අඩි තුනක් හතරකට දිගින් පළලින් යුත් මෙම යානාව පැතිලි ගිගැති හැඩයක් ගත් බවද ගම්මු පවසති. මී මැසි රංචුවක් ගම්න්ගන්නා වු හඩක් මෙම අභිරහස් යානාවෙන් නිකුත් වු බවත් විනාඩි ගණනාවක් අහසේ සැරි සැරු බව කියන මේ යානාව අන්දුගොඩ ගම්ම්නයේ සිට පැමිණි කෝදාගොඩ ගම්මානයේ කදු යාය අතරින් නොපිනි ගිය බව මේ යානාව ඇසින් දුටු ගම්වාසිහු පැවැසුහ.
මෙම තුත්තිරිහේන ගම්මානයේ කැලෑ බද ගමකි.මෙහි ගමේ තරුණයන් කිහිපදෙනෙක්ම පරවියෝ ඇති කිරීමේ විනෝදාංශය කර ගෙන යන අතර පරවියන් විකිණීම ද පරිවියන් අහසට විසි කර වළා කුළු අතරින් යවා යළිත් ගෙන්වන පරවි ගැසීමේ ක්‍රීඩාවේ යෙදෙන තරුණයන් පිරිසක් මෙම යානාව මුල් වරට දැක ඇත.
අපි පරවියන් අහසට විසි කරනවා උන් අහසේ සැරිසරන කාලය ගනන් ගන්න තමයි අපි බලා පොරොත්තුවෙන් ඉන්නේ.පරවියන් කන්න එන අපතයා කියා කුරුල්ලෙක් ඉන්නවා ඌගෙන් පරවියන් බේරා ගන්න අපි නිතරම අපි අහසට යෑවු පරවියා දෙස බලා ඉන්නවා. මේ නිසා නිතරම අපි අහස දෙස බලා සිටිනවා. මේ ආකාරයට අපි අහස දෙස බලා සිටින විට තමයි මේ යානාව අපි දැක්කේ.
මම අහසට විසිකළ පරිවියෙක් යළිත් පොලවට පියා බා ආවා. ඌ අල්ල ගන්නට අපි පරවි භාෂාවෙන් සූ සූ කිමින් පරවියා අපේ වත්තට, වහළට,කූඩුවට බාව ගන්න තමයි පරවියාට ශංඥා යැව්වේ මේ අතර තමයි මේ යානාව අපි දැක්කේ අපි හිතුනේ පළමුව මේ මී වදයක මී මැස්සන් පිරිසක් ගමන් කරනවා කියලා. නමුත් සුදුම සදු පාටට ඉබ්බෙක් වාගේ අමුතුම දෙයක් යන බව අපි දැක්කා මම පරවියාව බාව ගන්න පොල් ගමකට නැගලා තමයි ඒ වේලාවේ සිටියේ. ඒ ජාමේ ( ඒ අවස්ථාවේ දී ) තමයි මේ යානාව පොල් අතුවල ගෑවිලා ගිනි කූර ගස් අස්සෙන් ඈතට ගියේ. දැක්ක ගමන් බයක් ඇති උනේ නෑ. ටිකක් ඇතට යානාව ගියාම තමයි බයක් ඇති උනේ යැයි මෙය ඇස් දෙකෙන්ම දුටු තරුණයන් කිහිපදෙනෙක් අප සමඟ කීය.
යානාව දැක්කට පස්සේ ඊට විනාඩි කිහිපයකට පසුව ගුවන් යානාවක්ද අහසේ පියාසර කළා අපි දැක්කා මෙන්න මේ වේලාවට ලංකාවේ ගුවන් මාර්ගයක යම් ගුවන් යානාවක් ගමන් කලාද කියන වග ගුවන් තොටුපොළ ආරංචි මාර්ගවලින් දැනගත හැකියි.සනාථ කර ගන්නට හැකියාව තියනවා. සටහන් කර ගන්නට හැකියි. අන්න ඒ මොහොතේ තමයි. ඒ වේලාවට ගාල්ල දික්කුමුර ප්‍රදේශයෙන් මේ ගුවන් යානාව යන්නට පෙර විනාඩි ගණනාවකට පෙර තමයි මේ අභිරහස් යානාව අපි දැක්කේ ගම්වාසිහු වැඩි දුරටත් අප සමඟ පැවසුහ.
පිටසක්වළින් අපේ ලෝකයට පිවිසෙන යානා පිළිබඳව වඩාත් හොඳ අත්දැකීම් ඇත්තේ ගුවන් නියමුවන්ටයි. නමුත් මේ ලංකාවේ තුත්තිරිහේන ගම්මානයේ ගම්මුන් පිරිසක් මේ බව දැක ගත හැකිව ඇත.පිටසක්වල යානා වැඩිදෙනෙක් දැක ඇත්තේ රාත්‍රි කලයට ය. නමුත් මෙම ගමෙහි ජනතාව මෙය දැක ඇත්තේ උදය වරුවේ දීය.
මහතුන් රණසිංහ මහතා (63)
එදා උදේ තමයි මේක අපි දැක්කේ අපි ගණන් ගත්තේ නෑ. පොටෝ එකක් ගහන්න හරි ඒ අවස්ථාවේ මතකයක් ආවේ නැනේ. අඩි තුනක් හතරක් විතර දිගි පැතැලි යානාවක් සද්දේ දමාගෙන නැව ති නැවති ගස්වල ගෑවි ගෑවි අපේ ගෙවල් ලගින් ගියා පස්සේ තමයි දැන ගත්තේ මේක මොකක් හරි යානාවක් කියලා එතකොට තමයි මහත්යට අපිමේ කතාව බලන්න කියලා කෝල් එකක් දුන්නේ.
ලහිරු රණතුග මහතා (23)
අපි පරයි ගහනකොට තමයි ඒක දැක්කේ එක්වරම ආවා විනාඩි කිහිපයක් තිබුනා අහසේ. නතර කර ලා වාගේ තමයි තිබුනේ රෑං රෑං ගාගෙන කැලේ පැත්තෙන් ඇවිත් ගස් අස්සෙන් නොපෙනි ගියා
මේ අනුව ගම්මානයේ විශාල පිරිසක් කීවේ මේ ආකාරයේ අභිරහස් යානාවක් තමා දැක්කා බවයි. නිමුත් කිසිවෙක් මෙය ඡායාරූපයකට ගෙන නැත. මෙය ඔවුන්ට එතරමි හිතාගන්නටවත් නොහැකි වීම නිසා මේ ආකාරයේ සිද්ධියක් අහඹු සිදුවීමක් නිසාද මේ තත්ත්වය උදා වු බව තුත්තිරිහේන ගම්මානයේ ජනතාව පැවසුහ.මේ සම්බන්ධයෙන් ආතර් ශ්‍රි ක්ලාක් මධ්‍යස්ථානයට ඊමේල් මගින් දන්වා ඇතිබවද ගම්වාසිහු අප සමඟ පැවසුහ.
[සටහන: සුනෙත් ගාල්ලගේ]
0 comments :
Post a Comment