චම්පිකගෙන් රටට දායාද වන ශ්‍රී ලංකාවේ පළමු බහුකාර්‍ය ප්‍රවාහණ මධ්‍යස්ථානය.
මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව 2016 වර්ශයේදී ඉදිකිරීම් ආරම්භ කල මෙරට පළමු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය එළඹෙන ඉරිදා (31) ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලාංකීය සුහුරු (SMART) ප්‍රවාහණයේ සමාරම්භය ලෙස මෙය හැදින්වේ.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ සංකල්පයක් අනුව ජාත්‍යන්තර ප්‍රමිතියට ඉදිකොට ඇති මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මඟින්,දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ කොළඔ දෙසට පැමිණෙන බස් රථ හා මෝටර් රථ මෙම මධ්‍යස්ථානය නවතා එහි සිට දුම්රිය හෝ බස් රථ භාවිතා කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරගැනිමට මගින්ට අවස්ථාව සලසා දි ඇත.
බස් රථ හා දුම්රිය පර්යන්ත දෙකකින් හා රථවාහන ගාල් කිරීමේ පහසුකම්ද සහිත මෙම මධ්‍යස්ථානයෙන් අරතර්ජාලය ඔස්සේ (mobile app or web) ප්‍රවේශ පත් වෙන් කර ගැනීම සිද කළ හැක. දුම්රියේ සහ බස් රථයේ එකම ප්‍රවේශපතයකින් දුම්රියේ හා බස් රියේ ගමන් කළ හැකි වීම ස්වයං ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුකම් , ආපනශාලා හා බිල් පත් ගෙවීමේ පහසුකම්ද මෙම මධ්‍යස්ථානයේ සිදු කළ හැක.
මෙම ප්‍රවාහණ මධ්‍යස්ථානයේ වහලය මත සවිකර ඇති සූර්ය පැනලය හරහා කිලෝවොට් 180ක විදුලියක් ජනනය කරමින් සම්පූර්ණ විදුලිබල අවශ්‍යතාවය සපුරා ගනී.
ඉදිරියේදී පිටකොටුව, බත්තරමුල්ල, මහනුවර, කඩවත,කටුනායක, දහ අටේ කණුව ආදී ප්‍රදේශ වලද මෙවැනිම බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු යොදා ඇතැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික
රණවක මහතා මාකුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍්‍යස්ථානයේ අද(29) සිදු කළ නිරීක්ෂණ චාරිකාවේන් පසු මාධ්‍යවේදීන් අමතා පැවසීය.
වර්ථමාන රජයේ සංවර්ධන වැඩසටහන් වලින් වැඩිම ප්‍රමාණයක් සිදුකල අමාත්‍යංශය වනුයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වන අතර 2018 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම මූල්‍ය කාර්‍යසාධනයක් සහිත අමාත්‍යංශය වූයේද මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයයි.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, කොළඹ වරාය නගරය, සුඛිත පුරවර වැඩසටහන, අඩු ආදයම්ලාභි නිවාස ව්‍යාපෘති සහ නාගරික සංවර්ධන වැඩසටහන් රාශියක් හරහා මෙරට සංවර්ධනය සදහා ඉහළම දායකත්වයක් සැපයීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වය යටතේ මහනගර අමාත්‍යංශය සමත්වී තිබේ.











0 comments :
Post a Comment