ඔයා මනුස්සයෙක්ද: රිෂාඩ්, ගම්මන්පිලගේ ජාතිවාදී රෙදි ගලවයි.


විල්පත්තු වන සංහාරයක් සහ මුසලි ප්‍රදේශයේ කර්මාන්ත පුරයකට කියමින් අක්කර 75ක් වන විනාශයක් කර ඇති බවට එකදු සාක්ෂියක් පෙන්වන ලෙසත් මුසලි කර්මාන්ත පුරය වෙනුවෙන් එක බිම් අගලක් ලබාදී නොමැති බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන විවාදයකට සහභාගී වෙමිනි.

මෙම විවාදය සදහා එක්ව සිටි උදය ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රීවරයා භාෂා ප්‍රයෝග යොදමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විල්පත්තු ප්‍රශ්නයට ඈදන්න උත්සාහ කළ අතර සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා ද ඊට වක්‍රව සහය දෙන බවක් පෙනෙන්නට තිබිණ.

ගම්මන්පිල කොරවුන ප්‍රශ්නයක් !

එහෙත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ගම්මන්පිල මන්ත්‍රීවරයා ගේ ප්‍රශ්න වලට එකිනෙක පිළිතුරු දෙමින් වර්තමානයේ කිසිවක් සිදුව නොමැති බවත් සියල්ල සදහා කටයුතු යෙදුණේ රාජපක්ෂ පාලන සමයේ නව තහවුරු කළේය.

එහිදී විල්පත්තු ප්‍රශ්නයේ මුල කවුරු කළත් වැරැදි නව ගම්මන්පිල මන්ත්‍රීවරයා සාකච්ඡාව ආරම්භයේදී සදහන් කල බවත් ඒ අනුව දැන් රාජපක්ෂ වරදක් කල බව පිළිගන්නවාදැයි ප්‍රශ්න කල අතර එම අවස්ථාවේ ගම්මන්පිල දැඩි අසරණ තත්ත්වයට පත්වූ බවක් පෙනෙන්නට තිබිණ.

කර්මාන්ත පුර කතාව ගැන රිෂාඩ් අනාවරණය කරයි: කවුද ජාතිවාදී බව ඔප්පු කරයි !

මෙහිදී රිෂාඩ් අමාත්‍යවරයා කර්මාන්ත පුරය සම්බන්ධව ඉතිහාස කථාවද අනාවරණය කලේය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තමන් කර්මාන්ත පුර යෝජනාව වෙනම නොගෙනා බවත් මුසලි සහ වැලිඔය යන ප්‍රදේශ වල යුද්ධයෙන් පසුව පදිංචි කල ජනතාව මුහුණදී සිටින රැකියා අර්බුදයට විසදුමක් ලෙස කැබිනට් යෝජනාවක් ඉදිපත් කල බවය.

එම කැබිනට් යෝජනාව ඉදිරිපත් කලේ 2015 දින 100 ආණ්ඩු සමයේ බවත් එහිදී මුසලි සදහා අක්කර 25 ක් සහ වැලිඔය සදහා අක්කර 25 ක් අනුමත වූ බවද අමාත්‍යවරයා පැවසීය.

එහෙත් අවසානයේදී ඉඩම් ලැබුණේ වැලිඔය සදහා පමණක් බවත් එහි මුස්ලීම් වැසියන් නැති කියා හෝ එහි සිටින්නේ සිංහල පමණය කියා තමන් අත්හැර නොදැමූ බවත් මේ වන විටත් එහි කර්මාන්ත පුරයක් ඉදිකර ජුනි මාසය වන විට විවෘත කරන බව ජායාරූප සහිතව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම මුසලි ප්‍රදේශයේ කර්මාන්ත පුරය වෙනුවෙන් ඉඩමක් ඉල්ලා මෑතකදී කල ඉල්ලීමකදී විල්පත්තු ප්‍රශ්නය සම්බන්ධව පත්කර ඇති ජනාධිපති කමිටුව තීරණයක් දෙන තුරු කිසිම ඉඩමක් ලබාදීම ජනාධිපති ලේකම් ප්‍රතික්ෂේප කල බවත් අදාල කර්මාන්ත පුරය සදහා එක අගලක් තමාට නොදුන් බවද අවධාරණය කලේය.

නාමල් ගම ප්‍රශ්නය

තවද නාමල් ගම නමින් 1964 වසරේ රක්ෂිතයක් ( කළුවර ශාක සපිරි ) අක්කර 8000ක් හෙලිකර පිටින් ගෙනා ජනතාවක් පදිංචි කල අතර ඒ ගැන ගම්මන්පිල මන්ත්‍රීවරයා හෝ විල්පත්තුවේ ප්‍රශ්නයක් තිබෙනවා කියන කිසිවෙකු නොවිමසන්නේ ඇයිද යන්න ද අමාත්‍යවරයා ප්‍රශ්න කලේය.

ගම්මන්පිල ඔයා මනුස්සයෙක් ද ?

ඒ බව වැඩිදුරටත් ප්‍රශ්න කරමින් අමාත්‍යවරයා විමසා සිටියේ 1964 රක්ෂිතයක් බවට පත්කල බිමක් හෙලිකර පිටින් ගෙනා පිරිසක් පදිංචි කරන විට නිහඬව සිට 1953 දී ගමක් ලෙස ලේඛන ගතව තිබූ නමුත් පසුව යුද්ධය නිසා අවතැන් වූ ජනතාව යලි එහි පදිංචි කරන විට ඒ ගැන ජාතිවාදය පතුරුවන ගම්මන්පිල ඔබ මනුස්සයෙක් ද කියාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment