‘අපේ සිහින ජනපති‘ වැඩසටහන හෙට


මාර්තු  12 ව්‍යාපාරයේ 04 වන සංවත්සර උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘‘ අපේ සිහින ජනපති’’ වැඩසටහන හෙට (12)පෙරවරු 10.00ට කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී ආරම්භ කරන බව එහි මෙහෙයුම් කමිටුව සඳහන් කරයි.
අනාගතයේදි පත්වන ජනාධිපතිවරයා කවර ආකාරයක පුද්ගලයෙක් විය යුතුද යන්න  සම්බන්දයෙන්  ජනතාව තුළ සංවාදයක් ඇති කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව මැතිවරන ප‍්‍රචණ්ඩක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බනධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.

ගොවි, කම්කරු, ධීවර ආදී විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන පිරිස් මෙන්ම විද්වතුන්ගෙන්,  කලාකරුවන්ගෙන්, මාධ්‍යවේදින්ගෙන්, දේශපාලඥයන් ආදි සියලු පාර්ශවයන්ගේ අදහස් ලබා ගනිමින් මේ සම්බන්ධයෙන්  පුළුල් මහජන කතාකාවක් ආරම්භ කරන බවද ඔහු පැවැසීය.

මාර්තු 12 ව්‍යාපාරය ලෙස එම  සංවාදය රට පුරා ගෙනයාමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ ඒ මහතා එම අදහස් ඇතුළත් යෝජනාවක් ඉදිරි ජනාධිපතිවරණයට පෙරාතුව දේශපාලන  පක්ෂවලට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.

‘‘මාර්තු 12 ව්‍යාපාරය’’ යනු රටේ පිරිසිදු දේශපාලන සංස්කාතියක් වෙනුවෙන්  පැෆරල් සංවිධානය, මැතිවරන ප‍්‍රචණ්ඩක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, ට‍්‍රන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වැනි සංවිධාන රාශියක් එක්ව ගොඩනගන ලද සංවිධානයකි.

(නිමල කොඩිතුවක්කු)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment