ජනපති ගෝඨා, අගමැති බැසිල්: මෛත්‍රීට මහින්දට ඇමති කටු?


ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී 'ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ මහතාත් ඉදිරිපත් කිරීමට පොහොට්ටු' පක්ෂයේ නායකයින් මේවනවිට තීරණය කර ඇතැයි වාර්තාවේ.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වගකිවයුතු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුර දෙකක් පිරිනැමීමටද තීරණය කර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් මෙතෙක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කර නොමැතී අතර ඒ සඳහා අනුමැතිය ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පැවරීමට තීරණය කර ඇතැයි ද පැවසේ.

''මෛත්‍රීට දෙන්නේ නෑ''

මේ අතර දැඩි බැසිල්වාදියකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පවසන්නේ, ආණ්ඩුව පෙරලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට සුදානම් වුවත් ඔවුන් සමග එක්ව සන්ධානගතව ඡන්දයකට යාම පිළිබද ජනතාවගේ කැමැත්තක් නොමැති බවයි.

රටට අවශ්‍ය වන්නේ රට දිනවන සන්ධානයක් මිස පුද්ගලයන් දිනවන සන්ධානයක් නොවන බව ඔහු කියා සිටියි.

මිනුවන්ගොඩ උඩුගම්පොලදී පක්ෂ ක්‍රියාකාරීන් සමග ඊයේ පැවති සාකච්චාවකදී රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කිවේය.

''ජනාධිපති අපේක්ෂකයා තෝරලා ඉවරයි''

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වරයා ඇතුළු කීප දෙනෙකුට අවශ්‍ය වෙලා තියනවා පොහොට්ටුව ශ්‍රී ලංකා එකට ඇදල ආපහු මෛත්‍රී ජනාධිපති කරන්න. නමුත් මේ රටට ආදරය කරන ජනතාව අපේක්ෂා කරන්නේ මහින්ද මහත්තය රටේ නායකයා වෙන්න ඕන කියන එකයි. ඔවුන් රෑ වැටුන වලේ දවල් වැටෙන්න ලෑස්ති නෑ. ඒ නිසා දයාසිරිලා කපන වලේ වැටෙන්න අපි ලෑස්ති නෑ.

සන්ධානය පිළිබද අපේ කණ්ඩායම සාකච්චා වලට යන්නේ නිරවුල් මනසකින් හොද අවදානයකින් මෙවර අපව රවටන්න කිසිවෙකුට බෑ. අපේ ජනාධිපති අපේක්ෂකයා අපි තෝරලා ඉවරයි. රටම අපේක්ෂා කරන ඒ අපේක්ෂකයා වෙලාවට මහින්ද මහත්තයා නම් කරාවි.

කවුරු මොනවා කිවුවත් රටේ මීලග නායකයා බිහිවන්නේ පොහොට්ටුවෙන්. ඒක වලක්වන්න ඔය කිසිදු බලවේගයකට බෑ..''

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment