මහනගර අමාත්‍යංශයේ වැය ශීර්ෂය පරාදයි: ඊළඟට මොකද වෙන්නේ?
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ , මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ අමාත්‍යංශයේ වැය ශීර්ෂ දෙක ඊයේ පරාජයට පත් විය.
මෙම අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ සඳහා ඊයේ රාත්‍රී ඡන්ද විමසීම පැවැත්විණි.
මහා නගර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 38ක් ලැබිණි.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ වැයශිර්ෂයේ 260 වැයශිර්ෂය වැඩි ඡන්ද 18 කින් පරාජය විය. වැය ශිර්ෂයට පක්ෂව ඡන්ද 20 ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38 ද ලැබිණි.
ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබේ නොසිටියහ.
අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ රාජපක්ෂ පවුලේ දේශපාලනය දැඩිව විවේචනය කල අතර මේ රට ගොඩනැගිය හැක්කේ රාජපක්ෂවරුන්ට පමණක්ය යනුවෙන් පැවති මතය බිඳ හෙලීමට තමන් ක්‍රියාකල බවද ප්‍රකාශ කලා.
ඊළඟට මොකද වෙන්නේ?
පරාජයට පත්වූ වැය ශීර්ෂයන් එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර කැබිනට් මණ්ඩලය එම වැය ශීර්ෂයන් අනුමත කිරීමෙන් අනතුරුව යලි පාර්ලිමේන්තු අනුමැතිය සදහා යොමු කෙරෙන බව ආණ්ඩුවේ ආරංචිමාර්ග තහවුරු කර තිබේ.
මෙලෙස කාරක සභා අවස්ථාවේදී වැය ශීර්ෂයක් පරාජයට පත්වීම ආණ්ඩුවේ හෝ අදාළ අමාත්‍යංශයේ සාමාන්‍ය ක්‍රියාදාමයට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කලේ.
කෙසේ වෙතත් මෙම වැය ශිර්ෂයන් පරාජයට පත්වීම හරහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තුල පවතින නොසැලකිල්ල මනාව පැහැදිලි වන බව දේශපාලන විචාරකයින්ගේ මතය වී තිබේ.

0 comments :
Post a Comment