අහන්න විශේෂ අදියරක් යොවුන්පුරයේ.


එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහනේ විශේෂ අදියරක් ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කර ඇති යොවුන්පුරය වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වේ.

එහිදී යොවුන්පුරය වැඩසටහනට එක්ව සිටින 8000 පමණ තරුණ තරුණියන් පිරිසක් ''අහන්න'' වැඩසටහන මඟින් සංහිඳියාව පිළිබඳව දැනුවත් කිරීමට නියමිතය. ඊයේ(27) දිනයේ මෙලෙස ආරම්භ වූ යොවුන් පුරය වැඩසටහනට 31 දින දක්වා ක්‍රියාත්මක වේ.

"අහන්න" වැඩසටහන තුළින් තරුණ තරුණියන් අතර ජාතික සමඟිය සහ සංහිඳියාව පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති කිරීමට අපේක්ෂිතය.

[විමුක්ති දුෂාන්ත] [නිරෝෂන් හර්ෂන]


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment