මගේ ආබාධිත දුවගේ ඡායාරූප යොදාගෙන සිඟමන් යදින සොර යුවල දුටු තැන පොලිසියට දැනුම් දෙන්න- පියා ඉල්ලයි

දකුණු පාදයේ පහළ කොටස කපා කෘතිම පාදයක් භාවිත කරමින් අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු කරගෙන යන දැනට හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණියගේ ඡායාරූප පෙන්වමින් තරුණ යුවළක් මහනුවර,
මාවනැල්ල, කෑගල්ල, කහවත්ත, ඇඹිලිපිටිය ආදී ප්‍රසිද්ශවලින් දුර ගමන් බස් රථවලට නැගී ආධාර එකතු කරන්න අයට ආධාර නොදෙන්නැයි දැරියගේ පියා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කුරුවිට වතුයායේ පදිංචි එම්.ඩි. පියසේන මහතා මෙම දැරියගේ පියාය.

"මගේ දුවට අවුරුදු දොළහයි. එයාට උපතේදී දකුණු කකුලේ ආබාධයක් තිබුණා. කකුලේ පහළ කොටසේ අස්ථි තිබුනේ මස් ගුලියක් වගේ තිබුණේ. ඒ නිසා දුවට අවුරුදු එක හමාරේදී එයාගේ කකුල දණහිසට පහළින් කපලා ඉවත් කළා. දරුවා ලොකු වෙනකොට අපි කෘත්‍රිම පාද අරගෙන දීලා සාමාන්‍ය විදියට පාසල් යනවා.
ඇය කෘත්‍රිම පාදය භාවිතා කරමින් පාසලේ තරගවලටත් යනවා. දරුවා පාසල් යන කුරුවිට වතුයාය විදුහලයට. ආධාර ඉල්ලන්නේ කුරුවිට ප්‍රාථමිකයේ යනවා කියලා. කුරුවිට පොලීසියට පැමිණිලි හතරක් පහක් දැම්මා.

වතුයාය ප්‍රදේශයේම පිරිමි පුද්ගලයෙක් සහ කුරුවිට කීරගල බංගලා හන්දියේ කාන්තාවක් එකතුවෙලා විවාහක ජෝඩුවක් විදියට ආධාර ඉල්ලන්නේ. පොලීසියට කැඳවලා මේ වැඩේ කරන්න එපා කියලා අවවාද කරලා මුදාහැරීයා. එහම නොකරන බවට පොරොන්දු වෙලා එකතු කරපු මුදල් වලින්  රුපියල් 25,000ක් දුවගේ පොතට දානවා  කියලා පොලීසියේදී පොරොන්දු වෙලා ගියා.

දැන් ආයෙත් මේ ජෝඩුව දුවට කෘත්‍රීම කකුලක් ගන්න ඕනෑ කියලා සල්ලි එකතු කරනවා කියලා දැනගන්න ලැබිලා තියනවා.
දරුවා වරක් ළමා අවුරුදු කුමාටත් තේරුණා. මට ස්ථිර රැකියාවක් නෑ. බස් කොන්දොස්තරවරයක් හැටියටත්, ත්‍රිරෝද රථ රියදුරක් හැටියටත් කටයුතු කරනවා. මේ වනවිට දරුවාට කෘත්‍රිම කකුල් දහයක් අරන් දීලා තියනවා. ළමයා වැඩෙන නිසා අවුරුද්දකට වඩා එක කෘත්‍රීම කකුලක් භාවිත කරන්න බෑ, ඒවා ගන්න ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෝ, හිත මිතුරෝ උදව් කරනවා. ඒ අයට කිව්වාම කවදාවත් කර ඇරලා නෑ.  දරුවාගේ පිංතුරයි, විස්තරය ගහපු කොළ වගයක් බස්වල මගීන්ට බෙදාගෙන ගිහිං ආධාර ඉල්ලන්නේ.

දරුවාගේ පිංතුර දැක්කම නොදෙන කෙනෙක් නෑ. දරුවාට කෘතීම කකුල් දාගන දිවීමේ තරගවලටත් සහභාගි වෙලා තියනවා. ජයග්‍රහණත් අරන් තියනවා. ඒනිසා මේ ආධාර ඉල්ලන හොර ජෝඩුව දැක්කොත් ළඟම තියන පොලීසියට හෝ 0710399449 යන දුරකථන අංකයට දන්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා." යැයි දැරිගෙ පියාවූ පියසේන මහතා පවසා සිටියේය.

-අජිත්ලාල් ශාන්තඋදය-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment