රට කිරිපිටිත් මින් පසු ඉන්ධන වගේ මිල සුත්‍රයකින් ඉහළ පහළ දාන්න - කැබිනට් අනුමැතිය

ආනයනික කිරිපිටි සඳහා ඉදිරිපත් කර ඇති මිල සුත්‍රයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ආනයනික කිරිපිටි මිල සඳහා විසඳුමක් සෙවීමේ අරමුණින් පත් කරන ලද කමිටුවක් විසින් ජාත්‍යන්තර වෙළඳ
පොළෙහි පවත්නා මිල හා විනිමය
අනුපාතය විචලනයන් සැලකිල්ලට ගෙන, පාරිභෝගිකයන්ට, රජයට හා කිරිපිටි කර්මානතයේ යෙදෙන්නන්ට ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් මෙම මිල සුත්‍රය හඳුන්වා දී තිබේ.

ඒ අනුව මිල සුත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා යෝජනා වී ඇත.

මෙය කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා විසින් යෝජනා කර තිබේ.

ඒ අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යෝජනාව සඳහා ලබා දී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment