බම්බලපිටියේදී නෝනට හස්ත සංඥා පෙන්වූ ත්‍රීවීල් රියදුරු අත්අඩංගුවට

https://www.gossiplankanews.com/2019/03/bambalapitiya-threewheel-man-nabbed.html
පසුගිය සතියේ සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ වීඩියෝවකින් පෙන්නුම් කළේ බම්බලපිටියේ ආලෝක සංඥා අසළදී වාහනයක සිටි කාන්තාවකට අසභ්‍ය ලෙස හස්ත සංඥා පෙන්නුම් කළ ත්‍රීරෝද රියදුරෙකු ගැනයි.
මෙම රියදුරු කාන්තාවට කළ පීඩාව ඇය

ජංගම දුරකථනයෙන් පටිගත කිරීමට සමත්වූ අතර පසුව එය ෆේස්බුක් වෙත යොමු කර ඇය කියා සිටියේ මහමග ගමන්ගනිද්දී කාන්තාවන්ට මෙවැනි කරදර කොතෙකුත් දක්නට ලැබෙන බවයි.

එම හෙළිදරව්ව අගය කළ බොහෝ අය
තමන් ලද අත්දැකීම්ද හුවමාරු කරගෙන තිබූ අතර මෙහි සටහන්වූ වීඩියෝවේ අදාළ ත්‍රීරෝද රථයේ අංකය හා එම පුද්ගලයාද පැහැදිලිව සටහන්වීම මත පොලිසිය මේ ගැන පරීක්ෂණයක් සිදු කර තිබුණි.

 ඒ අනුව CP-AAX-4792 අංක දරන ත්‍රීරෝද රථය ගලහ දෙල්තොට පදිංචි සින්නයියා ශ්‍රී කාන්තන් නමැත්තෙකුගේ බවත් ඔහු කොළඹ ලියාපදිංචිවී ත්‍රීරෝද පැදවූ බවත් අනාවරණය කරගත හැකි විය.
පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත් අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා වෙත ඉදිරිපත් කරනු ලදුව ලබන 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment