සිරිසේනගේ ලෝක විහිළුවක් නිසා රට අනතුරේ: ආර්ථික අර්බුධයක ලකුණු!


ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රාහකත්වය දක්වා ඇති, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ වාර්තාව සලකා බැලීම මෙවර මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී මාර්තු 21 වැනි දින සිදු කිරීමට නියමිතය.

මේ වන විට පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය සදහා තම නියෝජිතයන් සහභාගී කරවන බව කියමින් සිරිසේන ජනාධිපති ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන සරත් අමුණුගම සහ ආණ්ඩුකාර සුරේන් රාඝවන් සහභාගී කරවීම රාජතාන්ත්‍රික වශයෙන් අපකීර්තියට පත්වන කරුණක් වීමේ අවධානමක් බව ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධ විද්වත් මතය වී තිබේ.

මෙම කණ්ඩායමට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ ද ඇතුලත් වන නමුත් සරත් අමුණුගම සහ ආණ්ඩුකාර සුරේන් රාඝවන් මඟින් ශ්‍රී ලංකාවට ඇඟිලී නොගසන්න ලෙස සහ ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රාහකත්වය දක්වා ඇති යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වය ඉවත් කරවා ගැනීම ද සිරිසේනගේ උත්සහය වී තිබේ.

නමුත්, සිරිසේන විසින් ජිනීවා කරා එවන නියෝජිතයන්ට සිදුවනු ඇත්තේ මහජන ගැලරියේ වාඩි වී සිටිමට ය. ඔවුන්ට ශ්‍රී ලංකාවේ නිල දුත කණ්ඩායම වීමට බැරිය. මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතත්වය ඇත්තේ බලයේ සිටින ආණ්ඩුවට ය.

සිරිසේනගේ මෙම පියවර ව්‍යවස්ථා කුමන්ත්‍රණයට නොදෙවෙනි පරාජයක් ඔහුට ලබා දෙනු ඇති බව නිසැක ය. ජාත්‍යන්තර දේශාපාලනය මෙන්ම රාජතාන්ත්‍රික සම්බන්ධතා ගැන අවබෝධයක් නොමැති මෙවැනි ක්‍රියා හේතුවෙන් මෙතෙක් ජාත්‍යන්තරය සමඟ ඇතිකරගත් යහපත් සම්බන්ධතා පලුදු වීමේ අවධානමක් මතුව තිබේ.

එසේම මානව හිමිකම් සුරකීම ඇතුලු ක්‍රියා මාර්ග අගයමින් ශ්‍රී ලංකාව වෙත ලැබුණු GSP+ සහනය ඇතුලු සහන ගණනාවක් අහිවීම ද සහන ණය අහිවිම් වීම ද තුළින් රට තවත් ආර්ථික වශයෙන් අර්බුධයකට ගෙන යාමට සිරිසේනගේ ජිනීවා කුමන්ත්‍රණය හේතුවනු නොඅනුමානය. නමුත් මෙම ප්‍රශ්ණය උඩ රට තුල ජාතිවාදය වපුරා අවුලක් ඇති කිරිමට ඔහුට බැරි කමක් නැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment