බොයිං 737 නොවන යානයකින් ජනපති මෛත්‍රී කෙන්යාවට පිටත්වේ


කෙන්යාවේ නයිරෝබි නුවර මාර්තු 11-15 දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර ප්‍රඥප්තියේ විශේෂ සැසිවාරයට ආරාධිත අමුත්තකු වශයෙන් එක්වන්නට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (13) දිවයිනෙන් පිටත්ව ගියේය.
පසුගිය දිනවල ඉතියෝපියාවේ සිට කෙන්යාවට ගමන් කළ බොයිං 737 යානයක් කඩා වැටීම නිසා
එම රට ගැන කතාබහක්ද මතුව තිබූ අතර ජනපති ගියේ බෝයිං 737 යානයක නොවන බව වාර්තාවේ.
කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිසර සැසියට සහභාගී වේ.
 ජනාධිපති සිරිසේන හෙට සමුළුව අමතමින් විශේෂ දේශනයක් පැවැත්වීමටද නියමිතය.
එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට 4,700 කට අධික නියෝජිතයින් එක්වේ.
පාරිසරික අභියෝගයන් හා තිරසාර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නව්‍ය විසඳුම් මෙම වසරේ මාතෘකාවයි.

කෙන්යාවේ සිව් දින නිල සංචාරයේදී ජනාධිපති  සිරිසේන කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා හමුවීමටද නියමිතය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment