10 වැනිදාට පෙර අර්බුදය විසදනවා: ඇමති රවී ගෙන් සහතිකයක්.

ලබන 10 වැනිදාට පෙර විදුලිය අර්බුදය අනිවාර්යයෙන්ම විසඳන බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය සිකුරාදා කැලණිතිස්ස බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකදීය.

ඒමෙන්ම දැනට පවතින විදුලිය අර්බුදයට විසඳුමක් ලෙස පා වෙන පාරුවකට සම්බන්ධ විදුලි බලාගාරයකින් සාපේක්ෂව අඩු මුදලකට මෙගාවොට් 500ක පමණ ප්‍රමාණයක් ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මේ වන විට තුර්කි රජය මේ ආකාරයට විදුලිය සැපයීම සඳහා රාජ්‍ය මට්ටමින් ඉදිරිපත් වී ඇති බවත්, ඒ සම්බන්ධ තාක්ෂණික ඇගයීමක් මේ වන විට සිදු වෙමින් පවතින බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරණානායක මහතා සිකුරාදා (5) පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළේය.

ලබන සතිය වන විට මේ සම්බන්ධ තාක්ෂණික කරුණු සියල්ල ලැබෙනු ඇති බවද, දැනට සාකච්ඡා වී ඇති ආකාරයට විදුලිය ඒකකයක් රු. 21-24ත් අතර මිලකට ලබාගත හැකි බව පෙනී ගොස් ඇති බවද අමාත්‍යවරයා පැවසීය. දැනට මෙරට පවතින ඇතැම් විදුලි බලාගාරවල විදුලිය ඒකකයක් නිපදවීම සඳහා රු. 35-69ක පරාසයක වියදමක් වැය වන අතර, ඒ පිරිවැය සැලකීමේදී මේ විදුලිය ගනුදෙනුව ඉතා ලාභදායි බව පෙනී ගොස් ඇති බවද අමාත්‍යවරයා කීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment