රථවාහන වැරදි හතක අවම දඩය රු. 25,000යි.


රථවාහන වැරදි හතක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩිකිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව රථවාහන වැරදි සදහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත්කරන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේය.

ඒ අනුව රියදුරු බලපත‍්‍රයක් නොමැතිව රිය ධාවනය සදහා අයකරන දඩ මුදල රුපියල් විසිපන් දහසේ සිට රුපියල් 30,000 දක්වා වැඩිකෙරෙන අතර දෙවැනි අවස්ථාවේදී එම දඩ මුදල රුපියල් තිස් දහසේ සිට පනස් දහස දක්වා වැඩිකෙරෙන බවද අමාත්‍යාංශය සදහන් කළේය. 

රියදුරු බලපත‍්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ යෙදවීමේදී අයකරන දඩ මුදල ද රුපියල් 25,000 සිට රුපියල් 30,000 දක්වා වැඩිකිරිමට යෝජනා කර තිබේ.

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය , එවැනි රියදුරෙකු අතින් අනතුරක් සිදුවීම , දුම්රිය මාර්ග තුළට අපරික්ෂාකාරී ආකාරයෙන් මෝටර් රථ ධාවනය සහ වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය වෙනුවෙන් ද අයකරන දඩ මුදල් රුපියල් 25,000 අවමයකට යටත්ව වැඩිකර ඇත.

කෙසේනමුත් එම දඩමුදල් වැඩි කිරීමට විරෝධය දක්වා බස්රථ සංගම් සහ ත්‍රීරෝද රථ සංගම් වැඩවර්ජනයකට යොමු වීම හේතුවෙන් නැවත වරක් එම යෝජනාව විමසා බලා වාර්තාවක් සැපයීමට ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළේය.

දඩ මුදල් විමසා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ සාමාජිකයෝ 5 දෙනෙකි. ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයකු, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - රථවාහන යන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදී.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment