විදුලි බල අර්බුදය හමුවේ: LTL සමාගම පොහොට්ටුව සමග කුමන්ත්රණයක?
මේ වන විට ඇති වී තිබෙන විදුලි බල කප්පාදුව පාවිච්චි කරමින් විදුලි බල ඇමති රවී කරුණානායක මහතාගේ දේශපාලන අනාගතය කප්පාදුවකට ලක්කිරීමේ අලුත්ම කුමන්ත්‍රණයක් ගැන කරුණු හෙළිදරව් වෙමින් තිබේ.
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව මෙම කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ දියත් කර තිබෙන්නේ LTL යන කෙටි නමින් හඳුන්වන ‘ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ්‘ සමාගම සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හවුල් ව්‍යාපාරයක් ලෙස ය.
පිටිගල සහ මරික්කාර්, අලුත්ගමගේ හමුවෙයි.
දැනට හෙළි වී ඇති තොරතුරුවලට අනුව LTL සමාගමේ විධායක මූල්‍ය අධ්යක්ෂ රවීන්ද්‍ර පිටිගල සහ නියෝජ්‍ය විධායක අධ්යක්ෂ එම්.ජේ.එම්.එන්. මරික්කාර් යන අය පසුගිය බ්‍රහස්පතින්දා (28) මහනුවර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාව, ඔහුගේ කොළඹ පිහිටි නිවසේදී හමු වී තිබේ. එම හමුවේ අරමුණ වී තිබෙන්නේ විදුලි බල අර්බුදය හරහා පොදුජන පෙරමුණට දේශපාලන වාසි ලබාගන්නේ කෙසේද යන්න සොයාබැලීමයි. ඒ අනුව රවී කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙය යොදාගත හැකි ආකාරය සාකච්ඡා වී තිබේ.
එහි ප්‍රතිඵලය එයට පසුදිනම (29) ම පාර්ලිමේන්තුවේදී දැකගත හැකි විය. එහිදී විදුලි බල අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුවට සහ රවී කරුණානායක අමාත්‍යවරයාට දැඩි සේ පහර දීම සිදු කළේ ඉහත කී පොහොට්ටු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ ය. මේ ප්‍රහාරය පිටුපස සම්පූර්ණයෙන්ම සිටියේ රවීන්ද්‍ර පිටිගල සහ එම්.ජේ.එම්.එන්. මරික්කාර් යන ‘ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ‘ ප්‍රධානීන් දෙපළ බව කුඩා දරුවෙකුට වුවද වැටහේ.
සාගල, පාඨලී සහ LTL
මේ අතර ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර තොරතුරුවලින් අප වෙත දැනගැනීමට ලැබී තිබෙන්නේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට එරෙහි මෙම කුමන්ත්‍රණයට ආණ්ඩු පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ ද ආශිර්වාදය නොමදව ලැබෙන බවයි. එම අමාත්‍යවරයා අන් කිසිවෙක් නොව මෙගාපොලිස් ඇමති පාඨලී චම්පික රණවක ය.
අපට තවදුරටත් දැනගන්නට ලැබෙන්නේ ඇමති පාඨලී හා සාගල රත්නායක යන දෙපළම LTL සමාගම සමග කිට්ටු සම්බන්ධතා පවත්වන අය බවයි. ඒ අනුව මේ දෙදෙනාම LTL සභාපති යූ.ඩී, ජයවර්ධන, විධායක මූල්‍ය අධ්යක්ෂ රවීන්ද්‍ර පිටිගල සහ නියෝජ්‍ය විධායක අධ්යක්ෂ එම්.ජේ.එම්.එන්. මරික්කාර් ගේ ළඟම මිතුරන් ය. පිටිගල හා ඇමති සාගල පාසල් වියේ පටන්ම මිතුරන් වන අතර, සාගල අමාත්‍යවරයාගේ දේශපාලන ව්‍යාපාරයට LTL සමාගම අනුග්‍රහය දක්වා ඇති බව ද වාර්තා වේ.
සාගල මිතුරාගේ සමාගමට සල්ලි පාස් කරයි!
2001-2004 අතර පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදී මෙම LTL සමාගමේ ක්‍රියාකාරකම් සඳහා පිළිගත නොහැකි තරම් විශාල මුදල් සම්භාරයක් ලංකා විදුලි බල මණ්ඩලය හරහා ලබාගැනීමේ උත්සාහයක් තිබී ඇති අතර, අවසානයේ එම මුදල් ලබාදීම එවකට විදුලි බල ඇමතිවරයා වූ කරු ජයසූරිය මහතාගේ නියමය පරිදි අත්හිටුවා තිබිණි.
මෙහිදී අමතක නොකළ යුතු කරුණක් වන්නේ මේ වන විට විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ව සිටියේ සාගල රත්නායක මහතා බව ය!
ඉන්පසු සාගල රත්නායක නියෝජ්‍ය විදුලි බල අමාත්‍යවරයා කළේ කරු ජයසූරිය මහතා විදේශගත ව සිටි අවස්ථාවක් බලා, එම මුදල් තම මිතුරාගේ සමාගමට ලබාදීමයි. එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගය ද ලබමින්, විදුලි බල හා බලශක්ති වැඩ බලන අමාත්‍යවරයා ලෙස ඔහු සිය බලතල භාවිතා කළේය.
මේ අනුව LTL සමාගමට රවී කරුණානායක සහ මෙම ආණ්ඩුව සමග පවතින ගැටළුව සිතාගැනීමට අපහසු නැත.
විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සැළවන පරිදි ඇමති පාඨලී චම්පික රණවක මහතා සහ LTL සමාගම අතර ද ඉතා සමීප සම්බන්ධතාවයක් තිබේ. ඔහුගේ නිවසක් නවීකරණය කිරීම සඳහා ද මෙම ට්‍රාන්ස්ෆෝමර සමාගම විසින් මුදල් යොදවා ඇති බව ද ඒ අතර කියැවේ.
ජනතා මුදලින් අයුතු ලාභ උපයා ජනතාව අඳුරේ තබන LTL
ලංකා විදුලි බල මණ්ඩලයේ දීර්ඝ කාලීන සැලසුමක් පරිදි කෙරවළපිටිය ප්‍රදේශයේ මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුත් ද්විත්ව වායු තාප බලාගාරයක් ඉදිකිරීමේ සැලසුම සම්බන්ධ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළේය. මේ කොමිසමේ එක් සාමාජිකයෙකු වශයෙන් ඇමති පාඨලී චම්පික මහතා ව පත්කිරීමට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස විරුද්ධත්වය පළ කළේ ද ඉහත කී හේතුව නිසාම ය.
මෙම කෙරවළපිටිය බලාගාර ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කර තිබූ එක් සමාගමක් වූයේ ‘ලක්දනවි‘ ය. ලක්දනවි යනු LTL සමාගමේ අනුබද්ධිත සමාගමක් වන අතර, LTL යනු, ලංකා විදුලි බල මණ්ඩලයට 63%ක කොටස් හිමිකාරිත්වයක් ඇති සමාගමකි. ඒ අනුව LTL යනු මහජන මුදල් ආයෝජනය කර ඇති සමාගමක් ද වේ. නමුත් මේ දක්වා කිසිදු ආකාරයකින් LTL සමාගමේ කිසිදු ලාභ ඉපැයීමක් ඔවුන් ලංකා විදුලි බල මණ්ඩලය සමග බෙදාගෙන නැත. කිසිදු රජයේ විගණනයක් ද මේ සම්බන්ධයෙන් සිදු වී නොමැති අතර, මෙම LTL සමාගමේ බලධාරීන් විසින්ම ඒවා අවහිර කරන බව ද වාර්තා වේ. මේ කාරණය, 2016 අප්‍රේල් 4 වැනිදා විදුලිබල අර්බුදය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රශ්න කරන ලදී. ඔහු එහිදී පෙන්වා දුන්නේ ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබන අතරවාරයේ LTL වැනි එහි ශාඛාවන් අධික ලාභයක් උපයන බවයි. Esot Limited වැනි එහි අනෙකුත් ශාඛාවන්ගේ අධ්‍යක්ෂවරුන්ගේ ආදායම් සහ වත්කම් වහාම විමර්ශනයට ලක් කළ යුතු බව ද එහිදී ඔහු පෙන්වා දුන්නේය.
මූලාශ්‍රය-Lanka News Week
0 comments :
Post a Comment