යළිත් ඇඳිරි නීතිය: කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් සවස.



අද රාත්‍රී 8 සිට පසුදා පෙ.ව. 4.00 දක්වා ඇඳිරි නීතිය  ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.  

මේ අතර කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සවස 6.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

ක්‍රිස්තියානි දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක ඊයේ(21) බෝම්බ පිපිරීමත් සමඟ රට තුළ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම කැබිනට් රැස්වීම කැඳවා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් සිටි ජනාධිපතිවරයා ඊයේ(21) රාත්‍රියේ දිවයිනට පැමිණීමෙන් පසු මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවා ඇත.

මේ අතර ආරක්ෂක මණ්ඩලය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී රැස්වීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment