කටකතා අසත්‍යයි: අඹතලේ ජලය සුපිරිසිදුයි.


අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ ජලය භාවිතයට සුදුසු නැති බවට පැතිර යන ප‍්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි එහි මෙහෙයුම් කළමනාකාර පියල් රාජපක්‍ෂ මහතා පැවසීය.‍

එම ජල පවිත‍්‍රාගාරයෙන් නිකුත් කෙරෙන ජලය භාවිතයට නුසුදුසු බවට රාගම, ගම්පහ, කැලණිය, ආදී ප‍්‍රදේශ කිහිපයක ප‍්‍රචාරයක් පැතිර ගොස් ඇති අතර මේ හේතුවෙන් ජනතාව කැළඹීමකට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අඹතලේ ජල පවිත‍්‍රාගාරයෙන් කළ විමසීමකදී පියල් රාජපක්‍ෂ මහතා පැවසුවේ එය අසත්‍ය ප‍්‍රචාරයක් බවයි.

පවිත‍්‍රාගාරයෙන් නිකුත් කරන ජලය කිහිප වතාවක්ම පරීක්‍ෂාවට ලක්කර සුරක්‍ෂිතතාව තහවුරු කර තිබෙන බව ද ඔහු සදහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment