මහජන බැංකුවේ ATM යන්ත්‍රයක් රාගම දුම්රිය ස්ථානයට

මහජන බැංකුවේ ATM යන්ත්‍රයක් රාගම දුම්රිය ස්ථානයට

දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස දහස් සංඛ්‍යාත මගී ජනතාවට බැංකු සේවාවන් පහසුවෙන් සහ කාර්යක්ෂමව දුම්රිය ස්ථානයන්හිදි සිදුකර ගැනීමට අවස්ථාව උදාකරමින් මහජන බැංකුව ප්‍රවාහන අමාත්‍යංශය හා එක්ව දිවයින පුරා මහජන බැංකුවේ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර (ATM) 100ක් දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක ඉදිකිරිමේ වැඩපිළිවෙළ යටතේ මෙය ස්ථාපිත කෙරිණි.

දුම්රිය ස්ථාන දර්ශනීය අලංකාර, පොදු ජනතාවගේ සිත් ගන්නා තැනක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් සැලසුම් කර ඇති නවීකරණ වැඩපිළිවෙළට සහ මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ක්‍රියාවලියට සමගාමීව මෙය ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට මීගමුව දුම්රිය ස්ථානාධිපති වී.ඩි ප්‍රියංකර, මහජන බැංකුවේ ගම්පහ ප්‍රාදේශීය කළමනාකාර වසන්ත රත්නායක යන මහත්වරුන්, රාගම ශාඛා කළමනාකාරිනි කේ.ඩී දිස්නා ජයතිලක මහත්මිය, දුම්රිය දෙපාර්තුමේන්තුවේ සහ බැංකු නිලධාරින් සහභාගි වූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment