කුණු ප්‍රශ්නය විසදන්න සහ විදුලි අර්බුදය විසදීමට කමිටු දෙකක්!


වර්තමානයේ පවතින විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් හා අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුව නියෝජනය කරන අනෙක් අමාත්‍යවරුන් වන්නේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍ය මංගල සමරවීර, මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව වෙත පැවරී ඇත.

කුණු ප්‍රශ්නය විසදන්න, වජිර, පාඨලී , හර්ෂ

මේ අතර ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති කසළ කළමනාකරණය කිරිම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

ඒ අනුව අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සම්න්විත වෙයි.

කැලි කසළ නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් මහජනතාව පීඩාවට පත්ව ඇති අතර එය ස්වාභාවික පරිසරය විනාශ කිරීමටද හේතුවක් වී තිබේ.


එසේම නිසි ලෙස කසළ බැහැර කිරීම සඳහා රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති වලට එරෙහිව ජනතා විරෝධතාව මතුව තිබේ. මෙම අමාත්‍ය කමිටුව පත්කර ඇත්තේද ඊට විසදුම් සැපයීමටය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment