රූපවාහිනී - ITN පුටු මාරුවක්?


රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ ප්‍රධානීන් හා එහි සේවක සංගම් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඊයේ (10) කැබිනට් රැස්වීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රූපවාහිනියේ කටයුතු සම්බන්ධයෙන් තමාගේ ප්‍රසාදයක් නොමැති බවත්, එහි ප්‍රධානීන්ගේ වෙනසක් සිදුවිය යුතු බවට ජනපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම රැස්වීම කඳවීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.

අග්‍රාමාත්‍යවරයා අදාළ කරාණාව ජනාධිපතිවරයාට දැනුම්දෙන අවස්ථාවේ සජිත් ප්‍රේමදාස හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන්ද එහි සිටි බව පැවසේ.

කෙසේවුවද, ජනපතිවරයා එහිදී පෙරළා පවසා ඇත්තේ රූපවාහිනිය තුළ මෙන්ම ස්වාධීන රූපවාහිනිය තුළ ද ප්‍රශ්න රාහියක් ඇති බවත්, එබැවින් එහි වෘත්තෘය සමිති ඇතුළු ප්‍රධානීන් ලබන සතියේ කැඳවා කඩිනමින් අදාළ ගැටළු විසඳා දමන බවයි.

[SLM]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment