ගෝඨාභයට ඇමරිකානු අධිකරණයකින් සිතාසි: ජනාධිපති අපේක්ෂකත්වය හබක්?


මේ වන විට ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත එරට අධිකරණයක් විසින් සිතාසි නිකුත්කර ඇති බව විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියනිය වන අහිංසා වික්‍රමතුංග මෙනවිය ගොනුකළ පෙත්සමකට අදාලවය.

ඇය එම පෙත්සම ගොනුකරමින් සදහන් කර ඇත්තේ සිය පියා වන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ට ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බව සදහන් කරමිනි.

ඒ අනුව අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි නිකුත්කර ඇති අතර මෙම සිතාසිය ඔහුට ලබාදී ඇත්තේ කැලිෆෝනියාවේ Traders Joe's American Grocery Store නම් සුපිරි වෙළෙඳ සංකීර්ණයේදී ය.

ලැබී ඇති තොරතුරු අනුව ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ඇමරිකාවේ ගොස් සිටින්නේ ඔහුගේ මිතුරු සංජීව ගුණසේකර ගේ දියනියකගේ විවාහය ට සහභාගී වීම සදහාය.

ගෝඨාට එරෙහිව තවත් නඩුවක් ගොනු කරයි
   
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තම සංවිධානයද ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ සිවිල් නඩුවක් ගොනු කළ බව ජත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය සඳහන් කරයි.

දමිල ක්‍රියාකාරිකයෙකු වෙන රෝයි සමධානම් පුද්ගලයෙක් ගොනු කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කළ බව එම ව්‍යාපෘතිය සඳහන් කරයි.

එසේම මේ සම්බන්ධයෙන් වන නොතීසිය හිටපු ආරක්ෂක ලේකම්වරයාට පසුගිය ඉරිදා රාත්‍රියේ  බාර දි ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවරට නිවාඩුවක් ගත කිරීමට පැමිණි බව තම පෞද්ගලික කුලී විමර්ශකයන් දැන ගැනිමෙන් පසුව මෙම නඩුව ගොනු කළ බවත් ඔවුන් සඳහන් කරයි.


මෙම රෝයි සමධානම් නම් ශ්‍රී ලාංකිකයා දැනට කැනඩා ජාතිකයෙක් ලෙස කටයුතු කර කරන අතර 2007 වසරේදී ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා තබාගෙන තිබේ. පසුව ඔහු 2010 වසරේ අගෝස්තු මාසයේදී නිදහස් කර තිබේ.

GL
   
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු ගොනු කළ පමණින් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනිමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිමේ හැකියාවක් නොමැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කොළඹදී අද (08දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“පුරවැසිභාවය අත හරින්න හදන විට බලහත්කාරයෙන් තියාගන්නේ මොන රටද. ඔහු පුරවැසිභාවය අස්කර ගන්න තිරණය කරනවා නම් බලකරලා පුරවැසිභාවයේ තියාගන්නේ මොන රටද .

කොයි විදියේ නඩුවක්ද, ඒකට හරයක් තියෙනවාද.මොන චේතනාවෙන්ද  නඩු පවරන්නේ කියලා බලන්න වෙනවා. නඩුවක් දාපු පමණින් පුරවැසිභාවය ඉවත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ සම්ප්‍රදායක් ලෝකේ නැහැ. මේක පළිගැනිමක්

සිතාසියක් නිකුත් කරද්දි මොන සිද්ධියක් සම්බන්ධයෙන්ද සිතාසියක් ඉදිරිපත් කරන්නේ කියලා හිතනවා. අද ඊයේ සිදුවුන දෙයක් නම් එහෙම සිතාසියක් නිකුත් කරන්න පුලුවන්. අවුරුදු 10ට පමණ පෙර වුණ දෙයක් සම්බන්ධයෙන් මේ විදියට වෙන්නේ ඇයි. අධිකරණය කූඨ අරමුණ ඉටු කරගන්න ඉඩ සලසන්නේ නැහැ.


ශ්‍රී ලංකා ආන්ඩුක්‍රම ව්‍යවසථාවට අනුව අධීකරණ බලය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රි ලංකාවේ අධීකරණයයි.  අධිකරණ පද්ධතිය වැරදි අරමුණට යොදා ගනී නම් ඒ නඩුව පැවරීමේ ක්‍රියාවත් සාපරාධි ක්‍රියාවක්. මේ කරන පුද්ගලයින්ට විරුද්ධව යම් යම් නිතිමය ක්‍රියාමාර්ග ගන්න ඉඩ තියෙනවා."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment