ප්‍රහාරවලට සම්බන්ධ සංවිධානය හඳුනාගනී: යුද හමුදාපති, හමුදාවට බලය ඉල්ලයි!


ශ්‍රී ලංකාවේ තිබෙන බුද්ධි අංශවල සන්නිවේදන සම්බන්ධතාවයක් නොමැති බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද හමුදාපති මහේෂ් සෙනානායක මහතා මේ බව පැවසුවේ අද(22) කොළඹ බිෂොප් නිල නිවසේ දීය.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවු අවස්ථාවේදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසීය.

ඉදිරියේදි සෑම බුද්ධි අංශයක් අතරම මනා සම්බන්ධතාවයක් ඇති කිරීමට පියවර ගත යුතු බවද ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.

පොලිස් බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් වී සිට ඇති බව ද හමුදාපතිවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

මෙම ප්‍රහාර සිදු කළ සංවිධානය මේ වන විට හඳුනා ගෙන ඇති බවත් ඔවුන් ජාත්‍යන්තර සහයක් ඇති බවද හඳුනා ගෙන ඇති බව ඒ මහතා පැවසීය.

එමෙන්ම එම පුපුරණ ද්‍රව්‍ය පරික්ෂා කිරිමේදී ඒ බව තහවුරු වු ඒ මහතා පවසයි.

යුද හමුදාපති මහේෂ් සෙනානායක මහතා කියා සිටියේ, මෙම අපරාධ වැලැක්වීම සඳහා යුද හමුදාවට බලය ලබා දෙන ලෙසට තමන් ඉල්ලිමක් කර ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment