
එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් නොවන සරත් ෆොන්සේකා මහතාට එම පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්වීම සහ කටයුතු කිරීමට කිසිදු අයිතියක් නොමැති බවට ප‍්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
දකුණු පළාත් එක්සත්ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සහ නීතඥ මේජර් අජිත් ප‍්‍රසන්න විසින් ගොනු කළ මෙහි වගඋත්තරකරුවන් ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ එම කොමිසමේ සමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක යන මහත්වරුන් පිරිසක් නම් කරනු ලැබ සිටිති.
එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙකු වූ එම.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වූ අතර එයින් පුරප්පාඩු වූ මන්ත‍්‍රී අසුනට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කිරීම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 99 වැනි වගන්තියට පටහැනි බව පෙත්සමේ සඳහන්වේ.
ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනම පක්ෂයක නායකයෙකු වන බැවින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවේ හෝ ජාතික ලැයිස්තුවේ ඔහුගේ නම සඳහන්ව නොතිබූ බව පෙත්සමේ දැක්වේ.
0 comments :
Post a Comment