
නිල්වලා ගඟෙන් සැපයෙන ජලය පරිභෝජනයට නුසුදුසු බවට පළ වන වාර්තා අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග නිල්වලා ගඟේ ජලයට මුහුදු ජලය මිශ‍්‍ර වීම නිසා එවැනි තත්වයක් පවතින බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මාතර ප‍්‍රාදේශිය සැපයුම් මධ්‍යස්ථානයේ නියොජ්‍ය සාමාන්‍යාධිකාරී ජේ.එස්.කේ. පතිරණ මහතාගෙන් විමසීමක් කළා.
එහිදී හෙතෙම සඳහන් කළේ ජනතාවට පානය කළ නොහැකි ජලය බෙදා හැරියේ නැති බවයි. ජලයේ ලවණතාවය වැඩි වී තිබුණත් මේ වන විට එම තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බවත් සඳහන් කළා. කවුරුන් හෝ ජනතාව බිය ගන්වා ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment