
පොලිස් අණ නොතකා ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවයට සහභාගී වූ සිසුන්ට කොටුව සෙරමික් හන්දිය ප්‍රදේශයේදී මීට ස්වල්ප වේලාවකට පෙර කඳුළු ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලීසිය පවසයි.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වල සිසුන් කැලණි සරසවියේ සිට විරෝධතා පා ගමනකින් අද (15) කොළඹ දක්වා පැමිණ තිබේ.
මේ හේතුවෙන් කොළඹ දෙමටගොඩ අවට ප්‍රදේශයේ හා ඒ අවට මාර්ගයන්වල දැඩි රථ වාහන තදබදයක් පවතින බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ශිෂ්‍යයන් සහ භීක්ෂුන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment