
අද අප කතා කරන්නේ ජාත්‍යන්තර වශයෙන් නමක් දිනාගත් දක්ෂ මලල ක්‍රීඩිකාවක වූ සුසන්තිකා ජයසිංහගේ ඉදිරි අනාගතය ගැනයි.
මෙම ඡායාරූපය දෙස බලද්දී නිතැතින්ම පැහැදිලිව කිව හැකි දේ තිබේ. ඊළඟ පියවර කුමක්ද යන විමසිලිමත්භාවය ඇය තුළ නිරන්තරවම ඇතිවන දෙයකි. ඇයගේ ඇස්, නළල, දෙඇස්, දෙකන්වල ස්වභාවය ගනිද්දී අනාගතය ගැන නිතර සිතනු ලබන විමසිලිමත් වන චරිතයකි.
මෙම කන් දෙකේ හා දෙතොල්වල ස්වභාවය නිරීක්ෂණය කිරීමේදී ද කිව හැක්කේ තමන් යා යුතු ඉලක්කයට යෑමේ ඥානය ඇය සතු වනවා මෙන්ම, ඒ ඉලක්කය කෙසේ හෝ ජයගන්නා බවයි. ඉදිරි කාලයේ තම ජීවිතය සමෘද්ධිමත් වන කාල වකවානුවක් උදාවේ. එයට ෙදෙවයෙන් ගෙනෙන ලද වාසනාවද ළංවන නිසා ඇයට යා යුතු තැනට ගෙනයෑම සිදුවේ.
ඇයගේ දෙතොල්වල ස්වභාවය අනුව කියන්නේ හොඳට හොඳ, නරකට නරක චරිතයකි. තමන්ට යම් වරදක් කළහොත් ඊට ප්‍රතික්‍රියා දක්වන්නට ඇය පසුබට නොවන්නීය. දෙඇස් සහ නාසයේ ස්වරූපය අනුව ඉදිරි කාලය තුළ සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන්නට සිදුවේ.
ඇයගේ වම් අතේ දබරැඟිල්ල හා මහපටැඟිල්ල අතර දිවෙන රේඛාව හරහට කැපී නැත්නම් ඒ මත තිත් ආකාරයේ සලකුණු වැටී තිබිය යුතුය. එමෙන්ම එම රේඛාව දිගටම මැණික්කටුව දෙසට විහිදී ඇතුවාට සැක නැත. බලාපොරොත්තු නොවන අසනීප තත්ත්වයකට මුහුණ දීමට ඉඩ ඇති වුවත් ඇයට දීර්ඝායුෂ විඳීමේ වාසනාව ඇත. එමෙන්ම රටට කීර්තියක් අත්කර දීමට තරම් භාග්‍යවත් ලක්ෂණ ඇය තම ෙදෙවයෙන්ම උරුම කරගෙන ඇත.
අද වනවිට ඇය ජාත්‍යන්තර කීර්තියට පත් චරිතයක් නිසා ඇය ගැන කියන්නට දෙයක් තිබේදැයි පාඨක භවතුන්ට ගැටලුවක් පැන නැගීමට ඉඩ තිබේ.
එහෙත් දේහ ලක්ෂණ යනු පුද්ගලයාගේ ජනප්‍රියත්වය තිබුණත්, නොතිබුණත් සිය ඉරියව්වලින් උද්දීපනය වන කරුණු විග්‍රහයයි. එහිදී පුද්ගලයාගේ ජනප්‍රිය බව හේතුවන්නේ නැත. දේහ ලක්ෂණ යනු පුද්ගලයකුගේ දිව, ඇස, කන, නාසය, ශරීරය යන ඉන්ද්‍රියන්ගෙන් නිරූපණය වන දේ මා උගත් ශිල්පය අනුව බලා ඒ කරුණු ඉදිරිපත් කිරීමකුයි මෙහිදී සිදුවන්නේ. ඒ අනුව ඒ පිළිබඳ සැකයක් තබා ගැනීම අවශ්‍ය වන්නේ නැත.
ඇයගේ ඡායාරූපයේ දිස්වන බැල්ම දෙස බලන්න. එය ඉදිරිය බලාගෙන සිටින බැල්මකි. තමා හමුවට කොතරම් අභියෝග ආවත් ඒවා මැඬගෙන ඉදිරියට යෑමේ ශක්තිය ඇයගේ දෑස් තුළින් පිළිබිඹු කෙරේ. තමන්ට අවශ්‍ය සැප සම්පත් ළඟාකර ගැනීමේ උත්සාහය මෙන්ම ඒවා තමා වෙත නිතැතින්ම ගලා ඒමේ හැකියාවද සුළුවෙන් තැකිය නොහැකිය.
නැවතත් ඇය ක්ෂේත්‍රයට එළැඹ තම හැකියාව තුළින් සේවාවක් කිරීමේ භාග්‍යය ඇයට නැවත උදාවනු ඇත.
ඇයගේ චරිත ස්වභාවය ගත් විට ඉක්මන් තීරණ ගන්නා චරිත ස්වභාවයක් දක්නට ඇත. එනිසාම විවාහ දිවිය තුළ ගැටලු නිර්මාණය වනු ඇත. ඉවසීම අඩුකමක් ඇය තුළ ඇතත් ඕනෑම දෙයකට ඔරොත්තු දෙන චරිතයකි. ජීවිතයට කොතරම් කරදර, බාධක පැමිණියද එය මැඬපවත්වාගෙන ඉදිරියට යෑමේ ගුණය දිස්වන කාලයක් නැවත උදාවෙමින් තිබේ. කරදර, බාධක මැඬගෙන ඉදිරියට ආ බැවින් ලැබුණු ජයග්‍රහණ මෙන්ම රටට සේවයක් කළ හැකි ස්වර්ණමය අවස්ථාවක් ඇයට ඉදිරියේදී නිතැතින්ම උදාවන බව කිව හැකිය.
ඇයගේ නාසය, නළල් තලය හා දෙකන් දෙස බැලීමේදී කිව හැක්කේ කොතරම් කරදර, බාධක තිබුණද ඒවා මැඬගෙන ඉදිරියට යෑමේ අධිෂ්ඨානශීලීත්වය විටෙක තමාටම පුදුම හිතෙන තරම් විය හැකිය.
ඒ අනුව ඉදිරි කාලය තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයට සේවාවක් සිදුකළ හැකි ස්වර්ණමය අවස්ථාවක් ඇයට හිමිවන බව ඉඳුරාම කිව හැකිය.
(සරසවිය පුවත්පත ඇසුරෙනි)

0 comments :
Post a Comment