
මේ නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රංජිත් බාලසූරිය සදහන් කළේ පානීය ජලය ලබා ගන්නා ජලාශවල ජල මට්ටම මේ වනවිට පහළ වැටී ඇති බවයි.
මේ නිසා ඇතැම් දිස්ත්‍රික්කවල උස් ස්ථාන වෙත ජලය සැපයීමේදී ගැටලූ මතුවී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර වියළි කාලගුණය නිසා විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත වැටී තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජයපාල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එම ජලාශවල ජල මට්ටම මේ වනවිට සියයට 52 ක් දක්වා අඩුවී ඇති බවයි.
කෙසේ නමුත් පවතින තත්ත්වය විදුලිබල නිෂ්පාදනය සදහා මෙතෙක් අහිතකර අන්දමින් බලපෑම් එල්ල කර නොමැති බව සභාපතිවරයා කියා සිටියා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment