
අභයාරාමය පසුගිය කාලය තුළ කතාබහට ලක්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමු සහ රැස්වීම් එහි සංවිධාන කිරීම හේතුවෙන්.
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද එහි පැමිණියේ අභයාරාම විහාරස්ථාන සුචරිත දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසයි.
අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග තමා දීර්ඝ කාලයක සිට සුහද සබඳතා පැවැත්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී ප්‍රකාශ කළා.
එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ අභයාරාම විහාරස්ථානයේ දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්ස්වයට පැමිණි ප්‍රථම රාජ්‍ය නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවයි.
ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණෙන ලෙස තමන් ජනාධිපතිවරයාට දැන්වූයේ ලිපියක් මගින් බව සිහිපත් කළ ආනන්ද හිමියන් ඊට සහභාගිවීම පිළිබඳව කෘතඥතාව පළකරන බවද සඳහන් කළා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment