
ලබන 06 වනදා සිට 09 වනදා දක්වා අග්‍රාමාත්‍යවරයාගේ චීන සංචාරය ක්‍රියාත්මකය.
චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං මහතාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා චීන සංචාරයේ නිරත වන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය අද(01) ප්‍රකාශ කළේය.
දෙරට අතර ද්වීපාර්ශවික සාකච්ඡා සහ පොදුවේ අවධානය යොමු කළ යුතු කරුණු රැසක් පිළිබඳ නායකයින් අතර සාකච්ඡා කෙරෙනු ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක හොං ලෙයි මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.
චීනය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජයේ ප්‍රතිපත්තිය යළි ධනාත්මක ස්භාවයක් ගෙන ඇති අතර අතීතයේ සිට පවතින මිත්‍රත්වය වර්ධනය කර ගැනිම සඳහා මෙම සංචාරය වැදගත් වනු ඇති බව ඔහු සඳහන් කර තිබේ.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment