
සොයාගත් හෙරොයින් තොගයේ බර කිලෝග‍්‍රෑම් 101ක් පමණ වනවා. ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු ප‍්‍රදේශයේදී මෙතෙක් සොයාගත් වැඩිම හෙරොයින් තොගය ද මෙය වන බවයි නාවික හමුදාව පවසන්නේ. නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව මෙම වැටලීම සිදුකෙරුණා.
අදාළ නෞකාව පොලිස් නිල සුනඛයින් යොදවා තවදුරටත් පරීක්ෂා කරන බවයි පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ. ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු මුලින් අත්අඩංගුවට ගැනුණු අතර තවත් සැකකරුවන් තුන් දෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන්ගෙන් දස දෙනෙකු ඉරාන ජාතිකයින්. පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු, ඉන්දීය ජාතිකයෙකු සහ සිංගප්පූරු ජාතිකයෙකු ද සැකකරුවන් අතර සිටිනවා.
පළමු 11 දෙනා අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් තොගය සොයා ගැනුණු නෞකාවේදීමයි.
දකුණු මුහුුදු ප‍්‍රදේශයෙන් ඊයේ හෙළි කරගත් මහා පරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ බව කියන ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විමර්ශනවලින් හඳුනාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔවුන් පලාගිය බවයි පොලිස් ආරංචි පවසන්නේ. කෙසේ වෙතත් ඔවුන්ට අයත් වාහන දෙකක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment