මාල කඩන කොල්ල කල්ලියක් මාට්ටු



යතුරුපැදිවලින් යමින් රන් මාල කොල්ලකෑමේ නිරතව සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අතුරුගිරිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදී කොල්ලකෑමට යොදාගත් යතුරුපැදි 02ක්, හිස්වැසුම් 03ක්, සහ කොල්ලකන ලද රන්මාල 07ක් සොයා ගෙන ඇත.

අතුරුගිරය, කොට්ටාව, හෝමාගම, හංවැල්ල, මහරගම, මොරගහහේන, පාදුක්ක, කහතුඩුව සහ නවගමුව යන ප්‍රදේශවල රන්මාල කොල්ලකෑමේ සිද්ධින් 28 කට මොවුන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරුවන් හබරකඩ, අතුරුගිරිය සහ මීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්  වන අතර ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget